ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම දරුවා පිළිකා මාරයාගේ ගොඳුරක් විය හැකියි – වෛද්‍ය දීපාල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක්  දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටී.

ඔහු සඳහන් කළේ, වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර  වාර්තා වූයේ  450ක පමණ සංඛ්‍යාවක් බවයි. 

ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම  පිළිකා ඇතුළු බෝ නොවන රෝග  ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව  පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.

ලෙඩ රෝග වලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් වැඩිදුරටත් වෛද්‍යවරයා කියා සිටියේය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...