*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සිංහල බෞද්ධ සභ්‍යත්වයට බය වෙන්න එපා – දිලිත් නිදහස සමරමින් කියයි (VIDEO)

කොළඹ LNW: සිංහල බෞද්ධ සභ්‍යත්වයට බිය විය යුතු නැති අතර මෙතෙක් කල් දේශපාලනය තුළ එය භාවිතා වූයේ වැරදි ආකාරයට බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) බොරැල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති ජාතික නිදහස් දින සමරුම අමතමිනි.

අනෙක් ආගමික සභ්‍යත්වයන් සමඟ නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ සභ්‍යත්වය බවයි ජයවීර මහතා පෙන්වා දුන්නේ.

76 වසරක පැමිණි ගමන් මඟ තුළ එකම දේ විවිධ ආකාරයට කරමින් සාර්ථකත්වය කර යාමට නොහැකි බව ඔප්පු වී තිබෙන අතර රටේ සභ්‍යත්වය මෙහිදී ප්‍රමුඛ කාරණයක් බව හෙතෙම කියාසිටියේය.

මෙතෙක් කාලයක් රටක් ලෙස දුක්විදින්නේ දේශපාලනයේ අවංකකමක් නොමැතිකම නිසා වන අතර මව්බිම ජනතා පක්ෂය ඉන් වෙනස්ව ජනතාවට විශ්වාස කළ හැකි වැඩපිළිවෙලක් ස්ථාපිත කරන බවද දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරන ලදී.

මෙතෙක් කල් සිදු නොවුණු වෙනසක් වෙනුවෙන් ජනතාවට තම කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි අතර සභ්‍යත්වය මත ගොඩනගන ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් සංවාදයක් රට තුළ ඇතිකළ යුතු බවයි ඔහු එහිදී පැවසුවේ.

මේ රට ගොඩගත හැක්කේ ද ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනැගීමෙන් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan