නිදහස් දිනයේදී සජිත්ගෙන් අකරගම රෝහලට ලක්ෂ 16ක උපකරණ පරිත්‍යාගයක්

Date:

74වන නිදහස් දිනය තමන් සමරන්නේ සෞඛ්‍ය නිදහස අර්ථවත් කරමින් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පවසා සිටියේ ගම්පහ අකරගම රෝහලට සමගි ජන බලවේගයෙන් හුස්මක් යටතේ රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට ඊයේ (04) එක්වෙමිනි.

නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් උදෙසා බලයක් නැතුව විපක්ෂයේ සිටියත් අලුත් විදියට හිතා අලුත් ගමනක් යමින් නූතනවාදී දේශසේවය තමන් ඉටු කරන බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 43වන පියවර ලෙස රුපියල් පහලොස් ලක්ෂ අසූ නවදහසක් (රු. 1,589,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අකරගම ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව,

• රුපියල් 295,000 වටිනා Multipara Monitor යන්ත්‍ර 3ක්
• රුපියල් 21,000 වටිනා Stethoscope 1ක්
• රුපියල් 105,000 වටිනා ECG Machine යන්ත්‍ර 1ක්
• රුපියල් 557,000 වටිනා ICU Bed 1ක්
• රුපියල් 21,000 වටිනා Sphygmomanometer 1ක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 42ක් තුල ලක්ෂ 1176 (රුපියල් 117,653,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

කොවිඩ් වසංගතය ආරම්භයේදීම තමන් පාර්ලිමේන්තුවේ දී මෙහි එන්නට නියමිත අනතුර පිළිබඳව කල්තියා දැනුවත් කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, මුව ආවරණ වල වැදගත්කම, පිටරටින් මෙරටට ඇතුළු වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම මෙම වසංගතයට ලබාදිය යුතු බෙහෙත් වර්ග ගැන කතා කළ බව කීය.

එහෙත් ඒවාට එදා උපහාසයෙන් සහ අපහාසයෙන් සිනාසුන පිරිස් වලට අද වන විට තමන් කී දෙය දේ සත්‍ය බව අවබෝධ කරගන්නට සිදුවනු ඇතැයිද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය