කොවිඩ් අවදානම අඛණ්ඩව ඉහළට – ඊයේ ආසාදිතයින් 1200 ඉක්මවයි !

0
244

ඊයේ (04) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1243 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 615,902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 29ක් නිවේදනය කෙරුණු අතර ඒත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,544ක් දක්වා ඉහළ නැඟ ඇත.

විශේෂයෙන් පසුගිය මාසයක පමණ කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙහි ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර පසුගිය දෙසතිය තුළ එය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති ආකාරය පහත ප්‍රස්තාරයෙන් දැක්වේ.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ උද්ගතව ඇති මෙම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here