*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

පොත්මල්ලේ බරින් තුන්කුඳු වූ පාසල් දරුවෝ

“ඔබට වැදගත් තොරතුරක් කියන්න තියනවා” වෘත්තිය සමිති සටන් සගයකු වන උදේනි පද්මානන්ද දිසානායක මා ඇමතීය.

“මොකද්ද?”

“ඉංජිනේරුවෙක් මුණගස්සන්න.අර නිව්ස් එකට අදාළ ව”

උදේනි අමුත්තා මුණ ගැස්වීය.”අර නිව්ස් එක” යනු මෙසේ ය…..සිරුරට ඔරොත්තු නොදෙන බරැති පොත්මල්ලක් ඔසවාගෙන යෑම නිසා කෙටි කාලීන,දිගු කාලීන හා පූර්ණ කාලීන ආබාධවලට ලක්වන සිසුන්ගේ ගණන විශාල ය.මේ ගැන ස්‍යෙඛ්‍ය අංශ මගින් තොරතුරු අනාවරණය කරන අතර නිර්දේශ සහ අනතුරු ඇඟවීම් කර ඇත.

මෙකරුණු ද ඇතුළත් සවිස්තරාත්මක ලිපියක් රැස පුවත්පතෙහි පළ කිරීමෙහි එක් ප්‍රතිපලයක් වූයේ උදේනිගේ ඇමතුමයි.අදාළ ඉංජිනේරුවරයා හමු වීමි.ඔහු පුද්ගලික ඉදිකිරීම් සමාගමක ප්‍රධානියෙකි.තරමක ශරීරාබාධයකින් පෙළෙයි.ඔහු මුලින් ම තම රියෙහි අසුන පෙන් වීය.

එය පිටුපසට ඇද, රිය හිමියාගේ කොන්ද ඇද වීමේ ස්වරූපයට අනුව වෙනස් කර ඇත.නැතිනම් කාරය පැදවීම අසීරුය.ඔහු තම කතාව කීය.”මම ඉගෙනගත්තෙ හුංගම විජයබා විදුහලේ.මම ගොඩක් දුර ඉඳලා බස්සෙකෙන් පාසල් ආවෙ.මම ගොඩවෙන හරිය වෙනකොටත් සෙනග පිරිලා.හැමදාම හිටගෙන ඉන්නෙ.සෙනග තදබදය නිසා හුඟක් වෙලාවට පොත් බෑග් එක කාටවත් තියාගන්න දෙන්න වෙන්නෙත් නෑ.හුඟක් බර පොත් මල්ලක්.කිවුල් වතුර බොයි කියන බයට අම්මා ලොකු වතුර බෝතලයක්,කෑම එකක් දානවා.පොතුත් විශාල ප්‍රමාණයක්.

අපි හිරවෙලා මිරිකිලා ගිහින් හරි අමාරුවෙන් බහින්නෙ.ආපහු එද්දිත් සෙනග අඩුවක් නැ.මේ විදියට අවුරුදු ගාණක් යද්දි මට තේරුණා කොන්දෙ අමාරුවක් තියන බව.ටිකක් නැමිච්ච ගතියක්.උසස් පෙළ සමත්වෙලා කැම්පස් යද්දි මේක හොඳට ම දැනුණා.”දෙමව්පියන් ඔහු වෛද්‍ය පරීක්ෂණයකටයොමු කර ඇත.වෛද්‍ය නිගමනය වී ඇත්තේ දීර්ඝ කාලයක් අධික බරක් ඔසවාගෙන යෑම නිසා කොන්දෙහි ඇදයක් හටගෙන ඇති බව ය.ඔහුගේ ආබාධය සැලකිය හැක්කේ පූර්ණකාලීන ආබාධයක් හැටියට ය.මන්ද යත් ප්‍රතිකාරවලින් සුවපත් නොවූ හෙයිනි.ලියුම්කරු හොඳින් හඳුනන ප්‍රකට කවියකුගේ පුතෙකුට සැත්කමක් කෙරිණ.ඊට හේතුව ක්‍රමක්‍රමයෙන් ඇති වූ කොන්දේ ආබාධය සුවපත් නොවන තත්වයකට පැමිණීමය. එනම් පිටකුදු රෝගී තත්වයයි.     

මීටද හේතු වශයෙන් නිගමනය කර ඇත්තේ පොත් මල්ලෙහි අධික බරය.මෙවැනි නිදර්ශන රාශියකි.එහි දී ගැටලුවක් ඇති වේ.එනම් පොත් මල්ලක් ඔසවාගෙන යන සෑම දරුවකුට ම කොන්දේ ආබාධ හට නොගන්නේ ඇයි ද යන්නය.

එයට ද පිළිතුරක් ඇත.මේ සඳහා හේතු කිහිපයක් බලපායි.

1.දරුවාගේ උස,බර හා සෞඛ්‍ය තත්වය

2.පොත්මල්ල ඔසවාගෙන යන දුර ප්‍රමාණය

3.පොත්මල්ලෙහි ප්‍රමිතියමේ කරුණු හැම සිසුවකුට ම පොදු නැත.වෙනස්ය.

ඒඅනුව බලපාන ප්‍රමාණය ද වෙනස් වීම සහේතුක ය.පොත්මල්ලේ බර අනුව පිටකුදු වීමේ රෝග තත්වය ලංකාවට පමණක් නොව ලොවටම පොදු තත්වයකි.ලොව පුරා සිසුන්ගෙන් 15000කට ආසන්න ගණනක් මෙලෙස ආබාධවලට ගොදුරුවන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.ජනගහනයෙහි ප්‍රතිශතයක් ලෙස මෙය ඉතා සුළු සංඛ්‍යාවක් ලෙස අයෙකුට පෙනී යා හැකිය.එහෙත් සුළු ආබාධ සහ පූර්ණ ආබාධ දක්වා පරාසයෙහි විවිධ මට්ටම්වල සිසුන් සිටිය හැකිය.ලොව දියුණු රටවල් මේ  තත්වය වටහාගෙන පිළියම් යොදා ඇති නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල තත්වය සෝකජනකය.

පොත්මල්ලෙහි බර නිසා ඇති විය හැකි නරක ප්‍රතිපල

1.කොන්දේ ආබාධ

2.පේශිවල වේදනාව

3.අධික වෙහෙස

4.මානසික පීඩා

ශ්‍රී ලංකා රජයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් කරනු ලැබ ඇති සමීක්ෂණ අනුව සිසුන්ගෙන් බහුතරයක් පොත්මල්ලේ බර නිසා විවිධ අයුරින් පීඩාවට පත් ව සිටිති.මේ උවදුරෙන් සිසු පරපුර බේරාගැනීම සඳහා පියවර කිහිපයක් ගත යුතු ය.ඉන් එකක් වන්නේ සෞඛ්‍යාරක්ෂිත පොත් බෑගයක් හඳුන්වා දීමය.දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමය ද මෙයයි.ඒ රටවල පොත්මල්ල ලංකාවේ තරම් විශාල එකක් ද  නොවේ.එහෙත් සෞඛ්‍ය නීති අනුගමනය කරති.

ඒ අනුව පොත්මල්ලක් ගැනීමේදී දරුවාගේ උස සහ බර බැලිය යුතුය. දරුවාද කැඳවාගෙන යායුතුය.එහෙත් මෙරට සිදුවන්නේ දරුවාගේ වයස කියා,අතේ ඇති මුදලට මල්ලක් ගැනීමය.මෙය ප්‍රමිතියෙන් තොර මල්ලකි.ඉක්මනින් කැඩෙන නිසා අලුත් මල්ලක් වෙළෙන්දාගෙන් ගැනීමට සිදුවේ.සෞඛාරක්ෂිත පොත්මල්ලක කුටීර කිහිපයක් වේ.බර බෙදී යන නිසා පිටෙහි එක් තැනකට අධික බරක් පතිත වීම වලකී.එමෙන්ම ඉනෙන් පහළට බර වන පරිදි මල්ල සකසන්නේ නැත..

එහෙත් ලංකාවේ දී අප දකින්නේ ඉනෙන් පහළට විශාල පොත්මල්ලක් එල්ලාගෙන අමාරුවෙන් ඇවිදින දුන්නක් සේ නැමුණු දරුවෙකි.මෙය දරුවන්ට කෙරෙන ආයතනගත හිංසනයකි.සාහසික අපරාධයකි.

මේ බරින් දරුවන් නිදහස් කිරීම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය.

1.විශාල පෙළපොත් වෙනුවට කාණ්ඩ වශයෙන් පොත් සැකසීම

2.විශාල ලියන පොත් වෙනුවට පිටු 40 පොත් භාවිතයට උපදෙස් දීම

3.ඇතැම් පොත් පාසලේ තබාගත හැකි ආකාරයට දරුවන්ට ලොකර් පහසුකම් ලබා දීම

4.සෞඛ්‍යාරක්ෂිත මලු නිෂ්පාදනය අනිවාර්ය කිරීම

5.ටැබ්,පරිගනක භාවිතය පුළුල් කිරීම

6.අධ්‍යාපනය පොත්වලට සීමා නොකර සිනමාව වැනි මාධ්‍ය භාවිතයට ගැනීමමෙබඳු කතිකාවතක් කලක සිට දියත් වෙමින් පවතී.

එහෙත් අධ්‍යාපන බලධාරීන්,ළමා මානසික විශේෂඥයන්,අනෙකුත් බලධාරීන්,ගුරුවරුන් හා ව්‍යාපාරිකයන් මේ පිළිබඳ ව අවශ්‍ය සැලකිල්ල දක්වා නොමැත.මීට දශක කිහිපයකට පෙර අතීතයෙහි මෙරට පැවතුණේ මීට වඩා සරල අධ්‍යාපනයකි.එකල මෙතරම් පොත් කන්දරාවක් අවශ්‍ය නොවීය.පොත්මලු වෙනුවට පොත් ටික ළමැදේ හෝ අතේ හොවාගෙන යන සිරිතක් විය.ගමනද බොහෝ විට පයිනි.දැනුමෙහි සීමාවක්ද එතරම් නොපෙනිණ.ගුණාත්මක අධ්‍යාපනයක් විය.

සිසුන්ගේ ගමනද බොහෝ විට පයිනි.ගැටලුවට විසඳුම අතීතයට යෑම නොවේ.එසේ යා නොහැකිය.එමෙන්ම නූතන තාක්ෂණ ලොවින් දරුවා ඇද දැමිය යුතු නොවේ.එහෙත් නවීන අධ්‍යාපනය දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ර්ජනයක් වී තිබේ නම් ඒ අධ්‍යාපනය කරගහ ගෙන යෑමේ තේරුමක් නැත.එය වෙනස් කළ යුතු ය.

තිඹිරියාගම බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan