*
Friday, November 8, 2024
spot_img

Latest Posts

යුද හමුදා සෙබළු සහ සෙබළියෝ ගුවන් හමුදාව අභිබවා යති

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 05 කොළඹ (LNW): පනාගොඩ යුද හමුදා රගර් ක්‍රීඩාංගණයේදී පැවති යුද හමුදා සහ ගුවන් හමුදා කාන්තා සහ පිරිමි තරගවලදී දෙ’අංශයේම ජය හිමි කර ගන්නට යුද හමුදා ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාවෝ සමත් වූහ.නිපොන් පේන්ට් ජාතික ලීග් සූරතාවය යටතේ ඉකුත් සතියේ නිමාවට පත් වූ අනෙක් තරගය වූ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතරේ තරගයේදී මෙවර අඛණ්ඩව දිනූ සූරතාවය අභියෝගයට ලක් වී තිබෙන මහනුවර කණ්ඩායම සීඑච් කණ්ඩායමට එරෙහිව ලකුණු 32 – 24 ක ජයක් ලබා ගැනීමට සමත් විය.

යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පිරිමි තරගයේදී පළමු අර්ධය ගෙවෙන විට යුද හමුදා කණ්ඩායම 10 – 08 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේදී එම තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගනිමින් සම්පූර්ණ තරගය නිමාව දකිද්දී ලකුණු පූවරුව 21 – 15 ක් බවට පත් කර ගන්නට සමත් විය.උත්සාහක දිණුම් තුනකින් සහ නිදහස් පර දෙකකින් සමන්විත වූ යුද හමුදා ලකුණු පූවරුවට උත්සාහක දිණුම්වලින් සුදාරක දික්කුඹුර,අශාන් බණ්ඩාර සහ පුෂ්පකුමාර දායක වූහ.නිදහස් පහර දෙකම චමත් ප්‍රනාන්දුගේ පයෙන් ඉලක්කයට එල්ල වූ ඒවා විය.


ගුවන් හමුදාවේ ලකුණු 15 වෙනුවෙන් උත්සාහක දිණුම් 2 ක් වාර්තා වූ අතර ඉන් එක උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සහ නිදහස් පහරක් සාර්ථක කර දෙමින් ගුවන් හමුදා ලකුණු පූවරුව ඉහළ නංවන්නට නඳුන් ගුණසේකර දායක විය.උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් වූයේ දර්ශන තරිඳු දාබරේ සහ ඉෂාන් මධුශාන් ය.
කාන්තා තරගය තකිකරම ඒක පාර්ශවික ප්‍රහාරයක් බවට පත් කරමින්,යුද හමුදා ක්‍රීඩිකාවෝ, ගුවන් හමුදා ක්‍රීඩිකාවන් නිහඬ කළහ.ලකුණු 36 – 00 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් වූ මේ තරගයේදී උත්සාහක දිණුම් 6 ක් වාර්තා වූ අතර ඉන් තුනක් ප්‍රවර්ථනය කරන්නට ද සමත් විය.යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක්ම වාර්තා කළේ නෙත්මි කොළඹගේ ය.ලියනගේ චරිනි එක් උත්සාහක දිණුමක් වාර්තා කළ අතර ප්‍රවර්ථන දෙකක් සාර්ථක කර ගත්තාය.උමයංගනා සත්සරණි එක් උත්සාහක් දිණුමක් වාර්ථ කර එක් ප්‍රවර්ථනයක් ද සාර්ථක කර දෙන්නට දායක වූවාය.ඉතිරි උත්සාහක දිණුම වාර්තා කළේ පියුමි නිසංසලා ය.

සීඑච් සහ මහනුවර අතර තරගය සීඑච් පිටියේදී පැවති අතර මහනුවර කණ්ඩායම මත සීආර් කණ්ඩායම වෙතින් ලද පරාජයෙන් පසුව ඇති වී තිබෙන පීඩනය මෙහි දී පැහැදිළි විය.ඒ නිසාම පළමු අර්ධයේ දී එයින් ප්‍රයෝජනය ගත් සීඑච් ක්‍රීඩකයෝ ලකුණු 18 – 12 ක් ලෙස පෙරමුණ ගත්හ.එහෙත් සූරතාවය අඛණ්ඩව දිනා ගැනීමේ හැකියාව ඇති සූරත්වයේ අනන්‍යතාව සමඟ සිය ආරක්ෂාව දැඩි කර ගනිමින් ප්‍රතිවාදීන් වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් නැඟුණු මහනුවර ක්‍රීඩකයෝ දෙවන අර්ධයේදී ලකුණු 20 ක් රැස් කරන්නට සමත් වූහ.එහිදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු හයක් පමණි.ඒ අනුව ලකුණු 32 – 24 ක් ලෙස තරගයේ ජය අත්පත් කර ගත්තේ ජාතික ලිග් සුරතාවලියේ දෙවන සැසියේදී තමන් සූරතාවය ගිලීහී යන්නට නොදී සටනට පිවිසෙන බවට සෙසු සියලු කණ්ඩායම් ඉදිරියේ අනතුරු ඇඟවීමක් සිඳු කරමින්ය.


මහනුවර කණ්ඩායම උත්සාහක දිණුම් 4 ක් වාර්තා කරන්නට සමත් විය.ඉන් එක් උත්සාහක දිණුමක අයිතිය පවරා ගත් තරින්ද රත්වත්ත උත්සාහක දිණුම් තුනකම ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් ද, නිදහස් පහර දෙකක් නිසි ඉලක්කයට යොමු කරමින් ද සිය වෘත්තිමය ක්‍රීඩකත්වය මැනවින් ප්‍රදර්ශනය කරන්නට සමත් විය.වජීඩ් ෆවුමි,සනුෂ්ක අබේවික්‍රම,ශ්‍රීනාත් සූරියබණ්ඩාර මහනුවර වෙනුවෙන් උත්සාහක දිණුම් වාර්තා කළ සෙසු ක්‍රීඩකයෝ වූහ.
සීඑච් කණ්ඩායම රැස් කළ ලකුණු 24 සඳහා උත්සාහක දිණුම් දෙකක් අයත් විය.එයින් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කළ හිරුෂ නෙත්මිණ නිදහස් පහර හතරක් ද නිසි ඉලක්කයට යොමු කරමින් සීඑච් කණ්ඩායමේ ලකුණු 24 න් ලකුණු 14 ක ම හිමිකරුවා විය.සීඑච් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිණුම් දෙක වාර්තා කළේ ජනිත් ලක්සර සහ නිරෝෂ් පෙරේරා ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan