ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද (05) දින ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් ‍මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටී.

“මේ වනවිට 1971 ආයුර්වේද පනත සංශෝධනය කරලා, ඖෂධීය ශාක වගා කිරීම සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. ඒවට අදාළ නෛතික තරයන් විශේෂයෙන් කංසා වගාවට අවශ්‍ය නෛතික තත්ත්වයන් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන කෙටුම්පත ආයුර්වේද නීති සංග්‍රහය මඟින් අපි නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඔහුගෙන් ලැබුණු නෛතික සංග්‍රහයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් පසු අපිට පුළුවන් වෙනවා අපේ රටේ විදේශ විනිමය උද්පාන මාර්ගයක් ලෙස ගමන් කරන්න අවශ්‍ය ආයෝජන කැඳවීමට අවශ්‍ය කටයුතු සිදුකරන්න. ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිද්ධවෙන්නේ.” ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...