මොකක්ද ආණ්ඩුවේ සූදානම? බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නද හදන්නෙ? නාමල් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:

තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කරා. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ මිනිස්සු ජනතාව යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී පිරිසක් සමග කල සාකච්ඡාවකදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“එක පැත්තකින් ජීවන වියදම. දැන් තෙල්වලට පොඩි සහනයක් දුන්නා කියලා අනිත් පැත්තෙන් තෙල් මිල වැඩි වෙනවානේ.තෙල්වල බද්ද වැඩි කරලා.නැවෙන් බාන ගානට තමයි තෙල් දෙන්නම් කිවුවෙ.කොමිස් ගහනවා කිවුවා. අඩු ගානේ තෙල්වල බද්ද අඩු කරන්න.තෙල්වලට දැන් ප්‍රායෝගික දැන් ආණ්ඩුව දාලා තියෙන බද්ද යම් ප්‍රමාණයක් අඩු කරන්න. එහෙමනේ පොරොන්දු වුණේ. තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කරා. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ මිනිස්සු ජනතාව. තවත් පැත්තකින් කිරිපිටිවල මිල ගත්තත්, අත්‍යවශ්‍ය ආහාරවල මිල ගත්තත්, ඒ හැම මිලක්ම ජීවන වියදමට එකතු වෙලා තියෙන්නේ. ඒ හා සමානව පඩි වැඩි වෙන්නේ නෑ. දැන් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට අනුව ගෑස් පෝලිමක් නෑ. හැබැයි ගමට ගියාම, නගරවලට යනකොට ගෑස් පෝලිම් ගැන, තෙල් පෝලිම් ගැන ජනතාව කතා වෙනවා. ඒක දකින්න තියෙනවා.

හැම දෙයක්ම මිනිස්සු මිනිස්සුන්ගෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මේකට ආණ්ඩුවේ විසඳුම මොකක්ද? ආණ්ඩුවේ විසඳුම තවත් අලුතෙන් බද්දක් ගහන එකද? එහෙම නැත්නම් ඔබතුමාලාගේ සුපුරුදු පුරුද්ද වගේ අපි හොරු අල්ලනවා කියලා පරීක්ෂණ කරන එකද? මොකක්ද ආණ්ඩුවේ සූදානම? බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නනෙ හදන්නෙ.විපක්ෂය විතරක් නෙවෙයි ජනතාවත් මර්දනය කරන තැනට අද ඇවිල්ලා.අද අඩුම සංවර්ධනයක් වෙලාද?මොකක් හරි ආණ්ඩුවට ප්‍රශ්නයක් ආවම කවුරු හරි ඇතුළට දානවා ඔච්චරයි ආණ්ඩුව දන්නෙ

අද වෙනකන් ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තරම් පහලට තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න, කිසිදු යතා කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ආණ්ඩුව ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා කියලා තියෙනවා. හැබැයි මාසෙන් මේක වැඩි වෙනව“

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුදෙන් ගොඩබිමට මාරු වූ ඇමරිකා-ඉරාන ගැටුම..

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: මැදපෙරදිග කලාපයේ සහ හෝමුස්...

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රු.බි.35.6ක පාඩුවක් ලැබූවේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: 2008 වසරේදී රුපියල් බිලියන...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක්...

මේ අයවැයෙන් PAYE බද්ද අයකිරීමේ සීමාව ඉහළ දමා සහනයක් දෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් උපයනවිට ගෙවීමේ බද්ද (PAYE...