අනුර සහ එස්. ජයිශංකර් අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත.

තව දුරටත් එහි සඳහන් වී ඇත්තේ, එහිදී ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් පැයකට අධික කාලයක් අදහස් හුවමාරු කරගත් බවයි.

තවද, අද (05) පස්වරුවේ අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය.

මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය. හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එකවූ බව සඅහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...