*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

කෙහෙලිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම ජනබලයේ ශක්තිය නිරූපණය කිරීමක් – පෙ.ස.ප.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගෙන ජනබලයේ ශක්තිය නිරූපණය කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය,

” කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදී රක්ෂිත බබන්ධනාගාරගත කර තිබෙනවා. ඇමතිවරයකු සිය කැබිනට් අමාත්‍ය ධුරය දරද්දීම මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රථම අවස්ථාව මෙය විය යුතුයි. මෙය රටේ ජනතාව සිය අයිතීන් උදෙසා හඬ නැගීමේ ප්‍රතිඵලයක්. හියුමන් ඉමියුනෝගොබියුලීන් ඖෂධය රජයේ රෝහල් වලට මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සැක සහිත යමක් සිදුව ඇති බව මුලින්ම හෙලිදරව් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඒ 2023 සැප්තැම්බර් 29 පැවති මාධ්‍ය හමුවේදී. එතැන් සිට මේ අයුක්තියට හා වංචාවට එරෙහිව රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන්, වෘත්තිය සමිති, ජනමාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් විශාල මැදිහත්වීමක් කළා. කෙහෙලිය සම්බන්ධ නෛතික කටයුත්තක් සිදු වෙන්නේ ඒ ජනතා මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස. මේ ගැන විමර්ශනය කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තෙරපුමක් ආවේත්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ නිලධාරීන්ට අත දිගහැර නිදහසේ වැඩ කරන්න ඉඩ ලැබුණේත් ඒ ප්‍රබල ජනමතය සහ ජනබලය නිසා.

විපක්ෂය මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව ඇතුලේ විසඳන්න ගියා. ඔවුන් කෙහෙලියට එරෙහිව විශ්වාසභංග ගෙනාවා. නමුත් පාර්ලිමේන්තුවේ 113ක් අත ඔසවා විශ්වාස භංගය පරාජය කළා. ඒකෙන් කෙහෙලිය ඇතුළු දූෂිත දේශපාලන නඩය ගැන වගේම පාර්ලිමේන්තු ව්‍යුහය ගැනත් ජනතාවගේ විශ්වාසය භංග වුණා. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාවගේ ක්‍රියාකාරීත්වයක් වර්ධනය වුණේ ඒ සමග. ඒ වගේම ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වා මිනීමරන, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කර වැඩි මිලට ඖෂධ ගෙන්වා මහජන අරමුදල් ගසාකන ක්‍රියාවලියට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය අත එසවූ බවත් අමතක කරන්න එපා. ඒ අය ඒ අයට ඡන්දය දුන් ජනතාවගේ නියෝජිතයන්ද? නැහැ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ. ජනතාවට සිය අයිතීන් දිනා ගැනීම පමණක් නෙවෙයි, බාල බෙහෙත් වලින් ජීවිත අහිමිවීම වලක්වා ගන්නත් තිබෙන මාවත පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක්, පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම පමණයි. අසංවිධිත හා සරල මැදිහත්වීමකින් කෙහෙලිය නීතිය හමුවට පැමිණවීම වැනි සාපේක්ෂ ජයග්‍රහණයක් ලබාගත හැකිනම් වඩා සංවිධානාත්මක සහ වඩා දේශපාලන ප්‍රමිතියෙන් යුතු මහජන ව්‍යාපාරයකට කෙතරම් ජනතා ජයග්‍රහණ අත්පත් කර දිය හැකිද? මේ සිදුවීම ඒ සඳහා වන අගනා නිදසුනක්.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට දඬුවම් දීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔවුන්ට දඬුවම් දිය යුතුයි. දැනට තිබෙන පරිදි පොදු දේපල අවභාවිතා කිරීමේ චෝදනා පමණක් නෙවෙයි, සමූහ ඝාතන සිදු කිරීමට තැත් කිරිම, මහජන සෞඛ්‍යයට හානි කිරීම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාත් මේ අයට එල්ල කළ යුතුයි. නමුත් එයින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ විනාශය සිදු කරන්නේ ජාවාරම්කාර ගජමිතුරු ව්‍යාපාරික කල්ලියක්, දූෂිත ඉහලපෙළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ බලය හොබවන දේශපාලන මාෆියාවක් යන තුන්කට්ටුව එකතු වීමෙන්. මේ ජාලයේ එක කොටසක් පමණක් බිඳීමෙන් පලක් නැහැ. එක ඇමතිවරයකු ඉවත් කළ විට තව ඇමතිවරයකු පත් කරනවා. ඒ ඇමතිවරු අතර ලොකු වෙනස්කම් නෑ. එක හොරෙක් සිරගත කරන විට තව හොරු මතු වෙනවා. ප්‍රශ්නය විසඳන්නනම් නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය වැඩකරන ජනතාව අතට ලැබෙන්න ඕන. එතෙක් මෙවැනි අසාධාරණයන්ට එරෙහිව පුළුල් ජන බලයක් ගොඩනැගීම අවශ්‍යයි. ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමටත් නියාමනය කිරීමටත් ජනතාව මැදිහත් වන ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. මූණු මාරු කරලා, ඇමතිවරු වෙනස් කරලා, ආණ්ඩු වෙනස් කරලා, මේ කුට්ටම කොහොම ඇනුවත් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. වෛද්‍යවරුන්, නීතීඥයන්, විෂය ප්‍රවීණයන්, රෝගීන්ගේ අයිතිවාසිකම් සංවිධාන, දේශපාලන ව්‍යාපාර, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු මහජන සෞඛ්‍යය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වල කමිටු ගොඩනගා මේ ප්‍රශ්නය විසඳීමේ ආරම්භයක් ගත යුතුයි. ඒ ආරම්භක පියවරේ සිට ජනතාව රාජ්‍යයේ තීන්දු තීරණ ගන්නා අවසන් පියවර දක්වා හැම තැනකදීම මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ සාපේක්ෂ ජයග්‍රහණය උත්තේජනයක් කරගෙන එම ජනමතය සහ ජනබලය ගොඩනැගීමට එක්වන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ” ලෙස අදහස් දැක්වීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan