නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07:
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයකට ලක්ව තිබේ. ඔහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට් නව රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය ලබාගැනීමට සමත්ව ඇත.

ඔක්තෝබර් 27 වැනිදා පැවති ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතර බලයක් හිමි නොවූ අතර, මන්ත්‍රී ආසන 120කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 61කි.

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් විසින් දේශපාලන පක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මන්ත්‍රීවරුන් 67 දෙනෙකු ගාඩි අයිසන්කොට්ට සහය පළ කර ඇති අතර, නෙතන්යාහුට සහය පළ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු පමණි.

අයිසන්කොට්ට හිමි වූ මෙම සහයෝගයට අරාබි දේශපාලන පක්ෂ දෙකක සහාය ද ඇතුළත් වේ. එම පක්ෂවලට මන්ත්‍රී ආසන 19ක් හිමිව තිබීම විශේෂත්වයකි.

මේ අතර, නෙතන්යාහුගේ දිගුකාලීන දේශපාලන සන්ධානගත පාර්ශ්වකරුවෙකු වන එක්සත් ටෝරා යුදෙව් පක්ෂය (United Torah Judaism) කිසිදු අපේක්ෂකයෙකුට සහය පළ නොකිරීමට තීරණය කර තිබීම ද ඔහුට එල්ල වූ තවත් දේශපාලන අභියෝගයක් වී තිබේ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් 67 දෙනෙකුගේ සහය හිමිවීමෙන් පමණක් අයිසන්කොට්ට නව රජයක් පිහිටුවීමේ බලය හිමිවන්නේ නැත. එම පක්ෂ සියල්ලම ඔහුගේ රජයේ කොටස්කරුවන් වීමට එකඟ වී නොමැති බැවින්, ඉදිරි සන්ධාන සාකච්ඡා තීරණාත්මක වනු ඇත.

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නොවැම්බර් 8 වැනිදා නව රජයක් පිහිටුවීමට සුදුසු අපේක්ෂකයා නම් කිරීමට නියමිත බව වාර්තා වන අතර ඒ සඳහා නම් කරනු ලබන අපේක්ෂකයාට රජයක් පිහිටුවීමට දින 28ක කාලයක් හිමිවන අතර, අවශ්‍ය නම් තවත් දින 14ක දිගුවක් ලබාගත හැකිය.

මේ අතර, නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය තනි පක්ෂයක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් වන 27ක් දිනාගෙන තිබුණද, ඔහුගේ සමස්ත දේශපාලන සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53ක් පමණි.

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් මතුවූ ඡන්ද අක්‍රමිකතා පිළිබඳ චෝදනා දේශපාලන උණුසුම තවදුරටත් ඉහළ නංවා තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල මධ්‍යම මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑ හැකි අක්‍රමිකතා පිළිබඳ සාක්ෂි හමු නොවූ බවයි.

නව රජයක් පිහිටුවීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි වුවහොත් ඊශ්‍රායලයට නැවත මහ මැතිවරණයකට මුහුණදීමට සිදුවිය හැකිය. එතෙක් බෙන්ජමින් නෙතන්යාහු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත. ඒ අනුව, ඊශ්‍රායලයේ ඉදිරි දේශපාලන බලය තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ තීරණය සහ පක්ෂ අතර පැවැත්වෙන සන්ධාන සාකච්ඡා තීරණාත්මක වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම ඊයේ කොළඹ යට වූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ඊයේ සවස කොළඹට...

රුවන්වැලිමහා සෑය අසල උණුසුම් තත්ත්වයක් : දෙදෙනකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 07.කොළඹ LNW : අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල...

මැලේසියාවේ හිටපු අගමැති නජීබ්ගේ නිවාස අඩස්සියේ සිට සිරදඬුවම් තාවකාලිකව අහෝසි කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය...

බෙයිජිං මහජන කොංග්‍රස් මැතිවරණයට ජනාධිපති ෂී ඡන්දය ප්‍රකාශ කරයි!

කොළඹ LNW:චීනයේ බෙයිජිංහි නගර සහ කෝරළ මට්ටමේ මහජන කොංග්‍රසයේ...