ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත නිල වශයෙන් කැබි රථ ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ලෝක බැංකුවේ මූල්‍ය ආධාර මත “ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” (Primary Healthcare System Enhancing Project) වෙත ලැබුණු නව ඩබල් කැබ් රථ 10 ක් (Toyota) ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) කාර්යාල 10 ක් වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (06) සිදු කෙරිණි.

ග්‍රාමීය සහ ප්‍රාදේශීය මට්ටමින් බෝ නොවන රෝග (NCD) මර්දනය සහ මානසික සෞඛ්‍ය ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත ළඟා කරවීමේ වැඩසටහන් සඳහා මෙම වාහන භාවිත කිරීමට නියමිතය.

ඒ අනුව නුවරඑළිය, පුත්තලම, මොනරාගල, පොළොන්නරුව, කළුතර, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) කාර්යාල සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත මෙම කැබ් රථ ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...