බෙයිජිං මහජන කොංග්‍රස් මැතිවරණයට ජනාධිපති ෂී ඡන්දය ප්‍රකාශ කරයි!

කොළඹ LNW:චීනයේ බෙයිජිංහි නගර සහ කෝරළ මට්ටමේ මහජන කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ඊයේ (06) පැවැත්වුණා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා,බෙයිජිංහි Xicheng දිස්ත්‍රික්කයේ Zhongnanhai මැතිවරණ කොට්ඨාසයට අයත් Huairentang හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී,දිස්ත්‍රික් මට්ටමේ මහජන කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී සිය ඡන්දය ප්‍රකාශ කළා.

එම ස්ථානයේදී ඔහු අවධාරණය කළේ,මහජන කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම යනු මහජන කොංග්‍රස් පද්ධතිය පවත්වාගෙන යාම, වැඩිදියුණු කිරීම සහ එය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන පදනම බවත්,එය චීන දේශපාලනයේ වැදගත් සිදුවීමක් වන බවයි.

චීන මාදිලියේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම,චීන කොම්යුනිස්ට් පක්ෂයේ නායකත්වය තහවුරු කිරීම,ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණ ලෙස ප්‍රවර්ධනය කිරීම සහ නීතියට අනුකූලව දැඩිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම, මැතිවරණ කටයුතු නිවැරදි මාර්ගයක් ඔස්සේ, විනිවිදභාවයෙන් සිදුවන බව සහතික කිරීම සඳහා සහ ජනතාව තෘප්තිමත් කළ හැකි නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා සමස්ත මැතිවරණ ක්‍රියාවලියේ අධීක්ෂණය ශක්තිමත් කිරීම අවශ්‍ය බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්නැළිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් – අධිකරණය ගත් තීරණය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත්...

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...

‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...