මෙරට නිල දරිද්‍රතා රේඛාව ඉහළට!

Date:

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්, 2024 දෙසැම්බර් මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ.

ඒ අනුව පුද්ගලයෙකු හට අවම සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන මුදල 2024 ඔක්තෝබර් මාසයේ දී අදාළ අගය රු. 15,994 ක් ලෙසින් සටහන්ව තිබුණි.

එය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී සටහන් වී ඇත්තේ රු. 16,191 ක් වශයෙනි. ඊට පෙර මාසයේ එනම් 2024 නොවැම්බර් මාසයේ දී මෙම අගය රු. 16,017 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මෙම නව අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට එක් මාසයක් සඳහා සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදල රු. 64,764 ක් ලෙසින් ගණනය කළ හැකිය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව අඩු වීම හේතුවෙන් නිල දරිද්‍රතා රේඛාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...