අප්ප කළ දේ කළ පුතා….

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 06,(LNW)කොළඹ :

සිලෝන් ටුඩේ පුවත්පතේ ක්‍රීඩා කතෘවරයා අසංක ගම්මන්පිලය.ඔහු ක්‍රීඩාවෙහි නියැලි ක්‍රීඩා මාධ්‍යකරණය වෘත්තිය කරගත් අයෙකි.එය අත්‍යවශ්‍යයම සුදුසුකමක් හැටියට කිසිවෙකු විසින් බැහැර කළ හැකිය.එහෙත් ක්‍රීඩාවේ ජීවය රැඳී ක්‍රීඩකයින් ගැන ලියද්දී අවශ්‍යය කරන සංයමය සඳහා මාධ්‍යකරුවෙක්ට ක්‍රීඩා කර තිබීම වැදගත්ය.ක්‍රීඩකයාට සංවේදීවීමට ක්‍රීඩාවේ වෙහෙස,කැපවීම ගැන ප්‍රායෝගික අත්දැකීම් වැදගත් වනු ඇත.

එවැනි මාධ්‍යකරුවෙකුගේ පුතෙක් මේ වසරේ තාත්තා ද උගත් පාසලේ රගර් කණ්ඩායමේ නායකත්වයට පත්වීම ක්‍රීඩා මාධ්‍යකරුවෙකු ලෙස සතුටට කාරණයක් වන්නේ ඒ රැහේ එකෙකුගේ දරුවෙක් හැටියට විශේෂ ලතෙත් හැඟීමක් හදවතට දැනෙන නිසාය.දක්ෂයෙක් ගැන ලීවිමට වඩා තමන්ගේ එකෙකු දක්ෂයෙකු ලෙස ඔප්පු කර පෙන්වද්දී හැඟෙන හැඟීම සංවේදී කරුණක්ය.

මේ අප්පා ගිය පාරේම රගර් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට ඇඳෙන සඳුල් ගම්මන්පිල මෙවර වෙස්ලි විද්‍යාලීය නායකයාය.එය අපේ මාධ්‍ය මිතුරාට තමන් මෙන්ම පුතා රගර් ක්‍රීඩකයෙක් වීම ගැන දැනෙන හැඟීමට වඩා පුළුල් සතුටකින් එය විඳ ගන්නට හැක්කේ, ඔහු ද(අසංක ද) 1998 වසරේ වෙස්ලි විද්‍යාලීය රගර් කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන බැවිනි.

අප්ප කළ දේ නොකළ පුතු නොට්ටිගෙ පුතු ලෙස අපේ පැරණි කියමනක කියැවේ.එහෙත් සඳුල්ට එසේ නොවී අප්පා කළ දේම ඒ තරම්ම හොඳින් කර, එයින් ඉදිරියටද පියවරක් තබන්නට ශක්තිය හා දිරිය පතන්නෙමු.හැකිනම් තවත් වියපත් වූ දවසක ක්‍රීඩාවේ විශේෂිත මාධ්‍යකරුවෙකු ලෙස ද එක් වී තාත්තාව සම්පූර්ණ කරන්නට ද පුතුට හැකියාව ලැබේවා යැයි පතමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය