නිදහසේ අද අර්ථය…

Date:

මහේෂ් හපුගොඩ

නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ කමිසේ පොඩිවෙලා තිබ්බද හරිණි සාරිය ඇඳලා තිබ්බ හැටි හරි නැද්ද වගේ දේවල් වලින් නෙවෙයි. ඇත්තටම මෙවර සහ අන් හැම කාලෙකමත් නිදහස් උත්සවේ මණින්න ඕනි ඒකට දුන්න අර්ථය එක්ක.

ඒ අනුව මටනම් මේ නිදහස් උත්සවය ඉතාම අර්ථවත් එකක්. හැබැයි බලන කෝණය වෙනස්කර ගන්න ඕනි.

එකක් තමයි හැම අතින්ම වියදම් අඩුකරලා තිබීම. චාම් බව ඉතාම ඉහලින් රැකල තිබ්බ. විශේෂයෙන් ‘රාජ තේජස’ ඉතාම අවම උත්සවයක්. චාම් බව කියන්නේ අපේ රටේ වටිනාකමක් වගේම නූතන වටිනාකමක්. ඒක පැහැදිලිව තිබ්බ.

සහ මාලිමා ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම කලින් කට්ටිය කරපු විදියේ බොරු තේජස් නාස්තිකාර වැඩ පිළිවෙලක් නෙවෙයි. ඒක මෙවර රැකගෙන තිබ්බ.

අනික තමයි හමුදාව සහ යුද්ධය අධිනිශ්චය නොකර තිබීම. මම මෙවර මාලිමාව ගැන ධනාත්මක උනෙත් මෙන්න මේ නිසා. දශක තුනක් හෝ ඊටත් වැඩි කලක් අපිට ඇහුනේ වෙඩි සද්දේ. මිනිස්සු මතට බෝම්බ හෙලනවා. මිනිස් බෝම්බ. උතුරේ දකුණේ හැම පැත්තේම මරාගෙන මැරෙන මිනිස් බෝම්බ. කවුරු අතින් හෝ සිදුඋනේ විනාශයක්. දැන් මේ වෙඩි සද්දේ ඇති. ඇත්තටම ඒක සංකේත තලයක නතර වෙන්නම ඕනි.

මුහුදට ගැහුවත්, නිදහසට ගැහුවත්, උඩට ගැහුවත්, පහලට ගැහුවත්, ජොලියට ගැහුවත්, ඇත්තට ගැහුවත්, සංකේතෙට ගැහුවත් වෙඩි වෙඩිම තමයි. කන් අඩි පැළෙන එක් ජාතියක් තිගැස්සෙන ඒ වෙඩි සද්දෙ මෙවර නිශ්ශබ්ද කළා. දෙයියන්ගේ නාමයෙන්. පොඩි මිනිහෙක් අතින් ඒක සිද්ද උනා.

ඒ නිශ්ශබ්ද බව එක්ක අපි ආයේ ශිෂ්ට උනා වගේ හැඟීමක් ආව. මුල්ම වතාවට. හැබැයි ඒ වෙනස තේරෙන්න පොඩි සම්භාව්‍ය මනසක් තියෙන්නත් ඕනි. මොකද අද අපි නිදහස කියන අර්ථයේ යම් වෙනසක් තියනවා.

දැන් පොහොට්ටුවේ අයත් අවම වශයෙන් රනිල්ගේ අය පවා ඒ අවිඥාණික වෙඩිහඬ ඉල්ලනවා මම අහගෙන. අප්‍රසන්නයි.

අපි වෙනස් වෙමු…ශිෂ්ට වෙමු…! මේ නිදහස් දිනයෙන් පස්සේවත් අලුත් වෙමු…!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...