පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාලය : නුදුරේදීම සියලු සේවා එකම වහලක් යටින්

Date:

බත්තරමුල්ල, “සුහුරුපාය” ගොඩනැගිල්ලෙහි “පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාලය” ස්ථාපිත කර උපතේ සිට මරණය දක්වා පුද්ගලයින් හඳුනාගැනීමට අදාළ සියලු ලේඛන සේවාවන් එහිදී ලබාදීමට නුදුරේදීම කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මෙම සුහුරුපාය කාර්යාල සංකීර්ණය සැලසුම් කිරීමේදී මෙහි උප්පැන්න සහතික, මරණ සහතික, ජාතික හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර යන සියලුම සේවාවන් එකම වහලක් යටදී ජනතාවට ලබාගත හැකිවන පරිදි කාර්යාල පිහිටුවීමට සැලසුම් කර තිබී ඇත. නමුත් පසුකාලීනව එම සැලසුමට පිටින් වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යාලත් එහි ස්ථාපිත කිරීම නිසා ඉඩකඩ නොමැති වීමෙන් අදාළ සියලුම සේවාවන් එහිදී ලබාදීමට මෙතෙක් නොහැකි වී තිබේ.

ඒ අනුව, මෙම වැඩසටහනට අදාළව එකී අනෙකුත් රජයේ කාර්යාල වෙනත් රජයේ ගොඩනැගිලි කරා යොමුකර, එහි මුල් සැලසුම පරිදි “පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාලය” ස්ථාපිත කිරීමට නුදුරේදීම පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ තමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, ඊට අනුමැතිය ද ලබාගෙන ඇති බව පැවසූ අමාත්‍ය ටිරාන් අලස් මහතා උප්පැන්න සහතික, මරණ සහතික, ජාතික හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර යන සියලුම සේවාවන් එකම ස්ථානයෙන් ලබාගැනීමට හැකිවීම ජනතාවට විශාල පහසුවක් වනු ඇති බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...