බන්දුල ගුණවර්ධන ඉන්දීය පෙට්‍රෝලියම් හා ස්වභාවික වායු හා නිවාස හා නාගරික සබඳතා ඇමැති ශ්‍රී හර්දීප් එස් පුරි මුණගැසෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්‍රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඉන්දීය වාණිජ හා කර්මාන්ත පාරිභෝගික සබඳතා ඇමැති පියුශ් ගොයාල් (Piyush Goyal ) මහතාගේ විශේෂ ආරාධනය පරිදි, ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැති “2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharat Mobility Expo 2024)” විශේෂ ආරාධිතයකු වශයෙන් එක් වූ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තෙදිනක් පුරා පැවැති මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ වාහන නිෂ්පාදන සහ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ආයෝජකයන්, නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් තම නිෂ්පාදන සහ නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.

සංචරණයේ අනාගතය උදෙසා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකම වේදිකාවක් තුළට ගැනීමේ සංකල්පය යටතේ මෙම ප්‍රදර්ශනය හා සමුළුව සංවිධාන කෙරුණු අතර ඒ සඳහා මෝටර් රථ වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත අටසීයකට අධික ප්‍රදර්ශකයන් පිරිසක් එක්ව සිටි අතර විදේශීය ප්‍රදර්ශකයන් පනහකට අධික පිරිසක් ද එක්ව සිටියහ. ප්‍රදර්ශනයට සමගාමීව විවිධ තේමාවන් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ සහභාගිත්වයෙන් සමුළු 20ක්‌ සංවිධාන කර තිබිණි.

මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ තාක්ෂණික විසඳුම්, ඉදිකිරීම් උපාංග උපකරණ දෙමුහුන් හා විද්‍යුත් රථවාහන ඇතුළු අංග රැසක් යටතේ මේ වෙනුවෙන් ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබූ අතර මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව ලබාගෙන ඇති සාර්ථකත්වය ලොවට විදහා දැක්වීමද මෙම ප්‍රදර්ශනයේ තවත් අරමුණක් විය.

අනාගත මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග නිෂ්පාදන රැසක් ද මෙහි දී එළිදැක්විනි.

එළැඹෙන මාර්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංචරණ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වූ ඉන්දීය සහ විදේශීය ආයෝජකයන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් දායක කර ගැනීමද ඊට එක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අරමුණක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...