පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ල වාහන බලපත් සඳහා කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ප්‍රථම වතාවට සැහැල්ලු වාහන බලපත් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා 2022-11-14 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව , එකී නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ද්වීවාර්ෂිකව අලුත් කිරීමේ පදනම මත නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.

දශක 02ක් තිස්සේ මේ පිළිබඳව ශ්‍රවාණාභාධිත සංගම් විසින් ඉල්ලීම් කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

” ලෝකයේ දියුණු රටවල ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන පැදවීමට අවසර ලබා දී තිබෙනවා. මේ සඳහා පොලීස් රථ වාහන අංශය සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා පැවැත් වූවා. ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගෙන නියමු ව්‍යාපෘතියක් පැැවැත් වූවා. ඒ අනුව ප්‍රථම වතාවට පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන බලපත් ලබා දීමට හැකි වුණා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...