2024 දී මැතිවරණ ගැන හෙළිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවේ, මේ වසරේදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරණය හා මහ මැතිරණය පැවැත්වීම සඳහා 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුවෙන් වෙන්කර ඇති මැතිවරණ සඳහා වන රුපියල් බිලියන 10යෙන් මුදල් කළමනාකරණය කර ගැනීමට සිදුවන බවට ද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළව අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව ලබාදී ඇත්තේ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත පදනම්වයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් 2025 වසර සඳහා වන අයවැය මගින් ලබාදීමට සිදුවන බවට අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.

කෙසේ වුව ද එම මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව, අවශ්‍ය වන්නේ නම් අදාළ මැතිවරණ නීති සංශෝධනය සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය වැඩිදුරටත් සැලකිල්ලට ලක්කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...