ඉන්දීය සංචිත බැංකුව වසර 05කට පසු ගත් තීරණය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 07 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ ආර්ථික වර්ධනය පහළ යාම සඳහා මුහුණදීමට සූදානමින්, වසර 05 කට පසු පළමුවරට පොලී අනුපාත පහළ දැමීමට ඉන්දීය සංචිත බැංකුව පිරවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, 6.5%ක්ව පැවති පොලී අනුපාතිකය 6.25%  දක්වා පහළ දමා තිබෙන බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.මෙම අනුපාතය මහබැංකුව එරට වානිජ බැංකු සඳහා ණය දෙන පොලී අනුපාතික මට්ටමද වේ. මෙලෙස පොලී අනුපාත පහළ දැමීම සිදු කෙරුණේ,ඉන්දීය දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය වසර 4කින් 6.7%ක් දක්වා පහළ වැටී ඇති මොහොතක වීම විශේෂත්වයක්.

සංචිත බැංකුවේ අධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ, ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රතිපත්ති ස්ථාවරය මධ්‍යස්ථ මට්ටමක තබා ගන්නා බවත්, තවදුරටත් අනුපාත අඩුකිරීම හරහා වර්ධනයට දායකවීමට වැඩි ඉඩක් විවෘත කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය...

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...