ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24:
නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ සාකච්ඡා අතරතුර, සංවිධානය මේ වනවිට අරමුදල් හිඟය, ගෝලීය අදාළත්වය අඩුවීම සහ ආරක්ෂක මණ්ඩලයේ තීරණ ගැනීමේ අකර්මණ්‍යතාව යන ප්‍රධාන අභියෝගවලට මුහුණ දී සිටින බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ලෝකයේ ප්‍රධාන බලවතුන් එක්සත් ජාතීන්ගේ සාමූහික ක්‍රියාමාර්ග වෙනුවට ඇතැම් අවස්ථාවල ඒකපාර්ශ්වික තීරණ සහ ක්‍රියාමාර්ග වෙත යොමුවීමත් සමඟ, ජාත්‍යන්තර ගැටුම් විසඳීමේදී එක්සත් ජාතීන්ගේ භූමිකාව පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය සහ සාමාජික රටවල් අතර පවතින මතභේද හේතුවෙන්, ගෝලීය අර්බුද සම්බන්ධයෙන් එකඟ තීරණයකට පැමිණීම බොහෝ අවස්ථාවල දුෂ්කර වී ඇතැයි විශේෂඥයන් පෙන්වා දෙයි.

එමෙන්ම සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමේ ගැටලුද උද්ගතව ඇති අතර, වෙනස් වෙමින් පවතින ලෝක දේශපාලන පරිසරය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළත්වය සහ කාර්යක්ෂමතාව පිළිබඳවද විවාදයක් ඇති වී තිබේ.

ඒ අනුව, විශේෂඥයන්ගේ අදහස වන්නේ, වර්තමාන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ප්‍රතිසංස්කරණ සහ වඩාත් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...