තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාවලින් මිය ගිය සංඛ්‍යාව 4500 දක්වා ඉහළට (update)

Date:

තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාවලින් මිය ගිය සංඛ්‍යාව 4500 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. තුර්කියේ ආපදා සහ හදිසි අවස්ථා ඒජන්සියේ ප්‍රධානියා වන යුනුස් සේසර් විසින් නිවේදනය කර තිබුණේ මේ වන විට පුද්ගලයන් 2,921ක් මියගොස් 15,834 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සිරියාවේ මරණ සංඛ්‍යාවද 1579 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිරියාවේ, කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයේ ගලවා ගැනීමේ සේවාවක් වන White Helmets හි Raed al-Saleh පැවසුවේ සුන්බුන් යට සිටින අයගේ ජීවිත බේරා ගැනීම සඳහා කාලය සමඟ තරඟයක සිටින බවයි.

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබුණේ වඩාත් අවශ්‍යතා ඇති අය ඉලක්ක කරගනිමින් ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 10ක ආධාරයක් ලබා දීමට සූදානම් බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ද තම රජය ඩොලර් මිලියන 1.5 ක ආධාරයක් ලබාදෙන බවට සඳහන් කර ඇත.

අද(07) උදෑසන වන විට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් විසින් ගලවා ගන්නන් සහ හදිසි වෛද්‍ය ද්‍රව්‍ය තුර්කිය වෙත යැවීමට හදිසි නියෝගයක් නිකුත්කර තිබිණි.

මේ වන විටත් ගිනිකොනදිග තුර්කියේ සිට උතුරු සිරියාව දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් හරහා දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව පවතී. ඒ අනුව මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...