*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීම පසුපස බෝර්න් අගේන් කුමන්ත්‍රණයකුත් තිබුණා – බැසිල් (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළා දමා රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීමේ සිදුවීම් මාලාව පසුපස බෝර්න් අගේන් ආගමික කණ්ඩායමක කුමන්ත්‍රණයක් ද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මොහොතේ ඇතිවූ ජනතා නැගිටීමේදී ජනතාවගෙන් යම් කොටසකගේ සැබෑ විරෝධයක් ද පැවති නමුත් ඒ පිටුපස විවිධ කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

“ඔය සිද්ධිය වෙන වෙලාවේ, ඒ කියන්නෙ ටීවී එක දාන වෙලාවේ, නැවට යන වෙලාවේ මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග හිටියා. නැවෙත් හිටියා පැය 24ක්. ඔය සිද්ධියෙන් මේක තීරණය කරන්න බෑ. හැබැයි 69 ලක්ෂයක ජනතාවගේ තීන්දුවට අභියෝග කිරීමේ අවශ්‍යතාවයක් විශාල පිරිසකට තිබිච්ච බව නම් පැහැදිලියි”

“දේශපාලන වශයෙන් විග්‍රහ කළොත් මට පේන්නේ මේ රටේ ජනතා මතයට පිටින් මේ රට හසුරුවන්න අවශ්‍ය පිරිසක් ජාත්‍යන්තරය තුළ ඉන්නවා. මගේ දැක්ම නම් ජනතාවගේ දැක්ම. ජනතාව මේ වෙලාවේ පැහැදිලි තීන්දුවක් දෙන්න ඕනෙ අපි 69 ලක්ෂයේ නැත්නම් ඉන් කොටසක් හෝ වැඩි බහුතරය ගෝඨාභය ජනාධිපතිතුමාගේ – ඒ විතරක් නෙවෙයි අමතක කරන්න එපා, අපේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති පුටුවෙන් අයින් කළා, අපේ දිස්ත්‍රික් නායකයෝ 11 දෙනෙක් කැබිනට් මණ්ඩලයෙන් අයින් කළා, මාව මුදල් ඇමතිකමෙන් අයින් කළා – ඉතින් ඒක 69 ලක්ෂයේ වුවමනාවද කියලා තමයි අපි උරගා බලන්න ඕනෙ මැතිවරණයෙන්”

“ජනතාවගේ ඇත්ත විරෝධයකුත් තියෙන්න ඕනෙ කොටසකගේ හෝ. හැබැයි ලෝකයේ බලන්න, අරාබි වසන්තය වගේ එකක් ලිබියාවේ එද්දී තිබිච්ච තත්වය. ප්‍රශ්න තිබුණෙ නෑ එහෙ ජනතාවට. ඔවුන්ට නිවසක් රජයෙන් දීලා තිබුණා, වාහනයක් දීලා තිබුණා, ලෝකයේ ඕනෙම අධ්‍යාපනයක් විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා ලබන්න රජයෙන් මුදල් සැපයුවා, ලෝකයේ හොඳම ඉස්පිරිතාලවලට යන්න අවස්ථාව තිබුණා, ඒත් මහපාරේ බෝක්කුවක් යට ගඩාෆිව මරලා දැම්මා. ඒ වගේ තමයි බලන්න ඉරාකයේ. සදාම් හුසේන්ව බලයෙන් පහකළා. එවෙලෙත් ජනතාව නැගිට්ටා. ඉතින් මේ ජනතා නැගිටීම් සමස්ත ජනතාවගේ නැගිටීමක් නොවෙන්න පුළුවන්. ඒ නැගිටීම පවා සැලසුම් කරන්න පුළුවන් එක්තරා පිරිසකට”

“මෙහෙම එකක් තියෙනවා. ලෝකයේ විවිධ රාජ්‍යයන් තියෙනවානෙ. කතෝලික රාජ්‍යයන් තියෙනවා, මුස්ලිම් රාජ්‍යයන් තියෙනවා, බෞද්ධ රාජ්‍යයන් තියෙනවා. හැබැයි තවම ලෝකයේ බෝර්න් අගේන් ආගම අදහන කණ්ඩායමට රාජ්යයක් නෑ. ඉතින් ඒ කට්ටිය සැලසුම් කරලා තිබුණා ඒ බෝර්න් අගේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ හැදිය යුතුයි කියලා. මම දන්න විදියට එක කණ්ඩායමක්. අපේ දේශපාලනයේදී අපට පෙනිච්ච එකක් තමයි එහෙම කණ්ඩායමක් හිටියා. ඊළඟට තව කට්ටියක් හිටියා අපි මේ රටෙන් ත්‍රස්තවාදය තුරන් කරපු නිසා ඒ ත්‍රස්තවාදයට උදව් කරපු කණ්ඩායම් සහ ඒ යම්යම් විදියක ජන කණ්ඩායම් ඒකට සම්බන්ධ වෙලා තිබුණා. ඊළඟට පාස්කු ප්‍රහාරය නිසා පොදුවේ රජයත් එක්ක තරහා වෙච්ච තවත් කණ්ඩායම් හිටියා. ඒ වගේම තවත් විශාල පිරිසක් හිටියා කොවිඩ් කාලේ භූමදානය කරන්න නොදීපු නිසා තරහා වෙච්ච අය. ඊළඟට අර කාබනික පොහොර ප්‍රශ්නය නිසා තරහා වෙච්ච අය හිටියා. ඉතින් ඔය වගේ ගොඩාක් කොටස් හිටියා. ඊට අමතරව තවත් විනාශකාරී පිරිසක් තුන්වෙනි පෙළ හැටියට හිටියා. ඒ කියන්නෙ අපි දන්නවා ලෝකයේ පොල්පොට් පාලනය ඇතිවෙච්ච වෙලාවේ ඒ කට්ටිය විශාල පිරිසක් ඝාතනය කළා, විශාල දේපළ ප්‍රමාණයක් විනාශ කළා. එහෙම කට්ටියකුත් මෙතන හිටියා”

“මම මුලදීම කිව්වේ මේක තුළ යම්කිසි බලපෑම් සහිතයි කියලා. මේ වගේ තමයි අරාබි වසන්තය කියලා ලිබියාවෙ සිදුවුණේ, ඊජිප්තුවේ සිද්ධ වුණේ, ඉරාකයේ සිද්ධ වුණේ, ඔය වගේ රටවල් ගණනාවක සිද්ධ වුණේ”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan