රාජ්‍ය ආයතනවල වියදම් කපන්න මුදල් ඇමතිගෙන් යෝජනා රැසක් !

Date:

ආණ්ඩුව මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් රැසක් කපා දැමීමට මුදල් අමාත්‍යංශය යෝජනා කර තිබෙනවා. ඊට අදාලව කැබිනට් මණ්ඩලය වෙත විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට අදාලව පනවා ඇති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක වනු ඇත.

මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ්‍ය සිය වියදම් ඔවුන් විසින්ම කළමනාකරණය කරගත යුතු අතර අමතර මුදල් ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතුය.

වියදම් කපා හැරීම සඳහා පසුගිය අයවැය යෝජනා යටතේ තීන්දු රැසක් ඉදිරිපත් කළ අතර මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ ඉන්ධන දීමනා අවම කිරීමටද යෝජනා කර තිබිණි. දැනට ආරම්භ කර ඇති ඉදිකිරීම් වසර දෙකකින් කල්දැමීමට හා වසර දෙකක් යනතෙක් නව ඉදිකිරීම් ආරම්භ නොකිරීමටද මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබිණි. මෙම යෝජනා දැඩිව ක්‍රියාත්මක කළයුතු බවයි මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය වෙත යෝජනා කිරීමට සූදානම්ව සිටින්නේ.

නව ගොඩනැගිලි කුළියට ගැනීම් සිදු නොකළ යුතු බවට උපදෙස් ලබා දී ඇති අතර නව නිළධාරීන් බඳවා ගැනීමද අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් වනු ඇත. විදේශ අධ්‍යයන චාරිකා සඳහා දේශීය අරමුදල් භාවිතා නොකිරීමටද තීරණය කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...