රාජ්‍ය ආයතනවල වියදම් කපන්න මුදල් ඇමතිගෙන් යෝජනා රැසක් !

Date:

ආණ්ඩුව මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් රැසක් කපා දැමීමට මුදල් අමාත්‍යංශය යෝජනා කර තිබෙනවා. ඊට අදාලව කැබිනට් මණ්ඩලය වෙත විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට අදාලව පනවා ඇති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක වනු ඇත.

මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ්‍ය සිය වියදම් ඔවුන් විසින්ම කළමනාකරණය කරගත යුතු අතර අමතර මුදල් ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතුය.

වියදම් කපා හැරීම සඳහා පසුගිය අයවැය යෝජනා යටතේ තීන්දු රැසක් ඉදිරිපත් කළ අතර මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ ඉන්ධන දීමනා අවම කිරීමටද යෝජනා කර තිබිණි. දැනට ආරම්භ කර ඇති ඉදිකිරීම් වසර දෙකකින් කල්දැමීමට හා වසර දෙකක් යනතෙක් නව ඉදිකිරීම් ආරම්භ නොකිරීමටද මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබිණි. මෙම යෝජනා දැඩිව ක්‍රියාත්මක කළයුතු බවයි මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය වෙත යෝජනා කිරීමට සූදානම්ව සිටින්නේ.

නව ගොඩනැගිලි කුළියට ගැනීම් සිදු නොකළ යුතු බවට උපදෙස් ලබා දී ඇති අතර නව නිළධාරීන් බඳවා ගැනීමද අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් වනු ඇත. විදේශ අධ්‍යයන චාරිකා සඳහා දේශීය අරමුදල් භාවිතා නොකිරීමටද තීරණය කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...