ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරුන් 45 ක් ගැන තොරතුරු කැබිනට් මණ්ඩලයට

Date:

ජල බිල්පත් ගෙවීම පැහැර හරින පුද්ගලයන් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් අතර හිටපු මෙන්ම වත්මන් මැති ඇමතිවරුන් පිරිසක්ද සිටින බවයි නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ.

ජල බිල්පත් නියමිත පරිදි නොගෙවූ හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් 45 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති අතර ඔවුන් පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන බවද ජල සම්පාදන ඇමතිවරයා සඳහන් කරයි.

මෙම මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීමටද ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...