*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 86 අදියරින් නොච්චියාගම විද්‍යාර්ථ විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක්!

පාරවල බැරියර් දමා ආරක්ෂක මුර භට කණ්ඩායම් යොදවා රටේ පොදුජනතාවට සහභාගි වීමට අවස්ථාව නොදී 76 වැනි නිදහස සැමරීම විහිලුවක් බවත් නිදහස් දින ජාතික උත්සවයට රටේ පොදු ජනතාවට සහභාගී වීමට නොහැකි ලෙස අවහිර කර තහනම් කර ඇති නම් එහි නිදහසක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාර්ගගත සුරක්ෂිතභාවය කියා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ, දේශපාලනය කිරීමේ, අදහසක් දැරීමේ අයිතිය වාරණය කර ඇති බවත් එය නිදහස නොවන බවත් බංකොලොත් ලංකාව තුළ මේ මොහොතේ පවා හොරකම් සිදුවන බවත් ඖෂධ රැසකින් ඇමතිවරුන්, බලධාරීන් හොරා කා බාල බෙහෙත් ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් උත්සවයට වියදම් කළ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාසල් දියුණු කරන්න යෙදවීමට හැකියාව තිබුනත් රජය එවැනි දෙයක් සිදු නොකළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජීවත් වීමේ අයිතිය සුරකින බවත් ඒ සදහා ගත හැකි දැවැන්ත එඩිතර පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අනුරාධපුර නොච්චියාගම විද්‍යාර්ථ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පසුගියදා (05) එක්වෙමිනි.

සජබ රජයක් තුළ මන්දිර දේශපාලනයට තිත

අනෙකුත් පක්ෂ නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ 2024 දී පවා ජනතාව අන්දවා මන්දිර දේශපාලනයේ නිරත වී රජමැදුරුවල සැප විදීමට වුවත් සමගි ජන බලවේග රජයක් තුළ රටේ ඇති මන්දිර ඉංග්‍රීසි භාෂාවෙන් නවීන තාක්ෂණය උගන්වන මහා දැවැන්ත විශ්වවිද්‍යාල ද්විත්වයක් බවට පරිවර්තනය කරන බවත් එම නිසා මන්දිර සිහින තබා නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භාෂාව කේන්ද්‍ර කර ගත් දේශපාලනය නතර කරන්න

භාෂාව කේන්ද්‍ර කර ගෙන දේශපාලය කළ කාලය නතර කරන ලෙසත් රටේ පාසල් දූදරුවන් 41 ලක්ෂයට ඉහළ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් ජාති ආගම් කුල ගෝත්‍ර කේන්ද්‍ර කර ගත් දේශපාලන සටන් පාඨවල ප්‍රාණ ඇපකරුවකු කර නොගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කළ රටක කියන දේවල් කල හැකි ද කියා සමහරකුට ගැටලුවක් ඇත් නම් එම ප්‍රශ්න විපක්ෂයේ සිටින දේශපාලන නායකයන්ගෙන් අසන ලෙසත් තමාගෙන් නොඅසන ලෙසත් සෙසු අය හොඳටම කරනවා කිව්වට කවුරුත් හොඳටම කළේ නැති වුවත් බලයක් නොමැතිව ළමුන් වෙනුවෙන් හොඳටම කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 86ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 835ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan