දහවන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා පිටත්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා දහවන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය බව සඳහන් වේ.

යුද හමුදා වෛද්‍ය බළකායේ දහවන වෛද්‍ය කණ්ඩායම මෙසේ දිවයිනෙන් පිටත්ව ගියේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සදහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහල් රාජකාරි සඳහායි.

ඊට නිලධාරීන් 14 දෙනෙකු, නාවික හමුදාවේ එක් නිලධාරියෙකු මෙන්ම සෙසු නිලයන් 49 දෙනෙකු හා යුද හමුදා සාමාජිකයින් 64 දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ.

මෙරටින් පිටත්ව යන වෛද්‍ය බළකා කණ්ඩායමට සුබ පැතීම සදහා වෛද්‍ය බළකායේ බළකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී ඒ සී ප්‍රනාන්දු මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...