පියෙක් නොකරන වැඩක් කළ පියෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිඳගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි මෙම සැකකාර පියා තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී එය විඩියෝ කර සමාජ මාධ්‍යට එක් කර ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඉකුත් 05 වනදා රාත්‍රියේදී මෙම පහරදීම සිදුකර තිබූ අතර, අවුරුදු 09 සහ 05 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනාට පහරදී ඇති සැකකරුගේ බිරිඳ ගෘහසේවය සඳහා විදේශගතවී සිටින බවද වාර්තා වෙයි.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති අතර සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන පුද්ගලයෙක් බව , දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිබඳින නිසා සැකකාර පියා විසින් මෙලෙස පහරදී ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරු ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, දිඹුල පතන පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...