*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ටෝකියෝ හිම වලින් වැසෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජපානයේ අධික හිමපතනය හේතුවෙන් ටෝකියෝ අගනුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත.

අධික හිමපතනය හේතුවෙන් ටෝකියේ නගරයේ ගුවන් ගමන් වාර සියයකට අධික සංඛ්‍යාවක් තාවකාලිකව අත්හිටුවා ඇති බව ජපාන ප්‍රවාහන බලධාරීන් නිවේදනය කරනවා.

එමෙන්ම දුම්රිය ගමන් සදහා ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් යාමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අධික හිමපතනයත් සමග ප්‍රදේශ රැසකට විදුලි බලයද ඇණහිට ඇති බව සඳහන්.

ටෝකියෝ අගනුවරට මෙවර දැඩි හිමපතනයක් ලැබෙමින් පවතින අතර වසර දෙකකට පසුවයි එම නගරයෙන් වැඩිම හිමපතනයක් වාර්තා වී ඇත්තේ.

මේ අතර මධ්‍යම, නැගෙනහිර හා දකුණු චීනයටද අධික හිමපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. චීන අවුරුදු උදාවත් සමග ගම්බිම් බලායාමට පැමිණි මිලියන ගණනක පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan