බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ;
ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාවක් වන බයිනෑන්ස් (Binance) වෙත එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3කට ආසන්න ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය පිටුපස උතුරු කොරියාවට සම්බන්ධ TraderTraitor නමැති හැකර් කණ්ඩායම සිටින බවට බ්ලොක්චේන් විශ්ලේෂණ ආයතනයක් වන TRM Labs සැක පළ කර තිබේ.

ඔක්තෝබර් 29 වැනිදා සිදු වූ මෙම ප්‍රහාරයේදී විවිධ බ්ලොක්චේන් ජාල 10ක් ඔස්සේ බයිනෑන්ස් සතු ඩිජිටල් මුදල් විශාල ප්‍රමාණයක් මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළ වෙනත් පාලිත ගිණුම් වෙත මාරු කර ඇති බව සඳහන් වේ.

මෙය මෙතෙක් වාර්තා වූ විශාලතම ක්‍රිප්ටෝ මුදල් සොරකම ලෙස සැලකේ.

ප්‍රහාරයෙන් පසුව බයිනෑන්ස් ආයතනය ජාල කිහිපයක මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, සොරකම් කළ මුදල්වලින් ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් අත්හිටුවීමට හැකි වී ඇති බව වාර්තා කර තිබේ.

පාරිභෝගිකයන්ගේ මුදල් සුරක්ෂිත බවත්, සිදු වූ පාඩු සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත් බයිනෑන්ස් ආයතනය ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...

සුව සේවාවට අලුතෙන් 223 දෙනෙකු එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස...

හංගේරියාව සෙලවූ මහා දූෂණ විමර්ශනය: වනාන්තරවල වලදමා තිබූ ඩොලර් මිලියන ගණනක අභිරහස

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: ඝන අන්ධකාරය රජයන රාත්‍රී...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය...