*
Friday, April 26, 2024
spot_img

Latest Posts

චීනා එක්ක හැප්පිලා මමයි ඔය නෙළුම් පොකුණ පටන් ගත්තේ. මහින්ද ඇවිත් නම ගහගත්තා – විජිත හේරත් (VIDEO)

නෙළුම් පොකුණ රඟහලේ වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව 2004 වසරේදී එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් තමන් විසින් බවත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඊට ඔහුගේ නම දමාගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එවකට චීන රජය ඉදිරිපත් කළේ මීට වඩා වෙනස් ගොඩනැගිලි සැලසුමක් වන අතර ඔවුන් සමග තර්ක කර, වැඩ නතර කිරීමට තර්ජනය කර තමන් බොහෝ අසීරුවෙන් එම සැලසුම නෙළුම් පොකුණ බවට පරිවර්තනය කරගත් බවත් ඒ මහතා සඳහන් කළේය.

“ලෝකෙ තියෙන රටවල් අරන් බලන්න. ලංකාව තරම් වාසනාවන්ත රටක්. තුන්සිය හැටපස් දවසෙම හොඳට අව්ව පායනවා, ඕනෙ දවසක වැඩ කරන්න පුළුවන්. ලෝකෙම ලොකුම මැණික තියෙන්නෙත් ලංකාවේ, ඒ නිල් දියමන්තිය තියෙන්නෙත් ලංකාවේ. සිංගප්පූරුව හදන්න ආර්ථික උපදේශකත්වය දෙන්න පුළුවන් මිනිසා අද ලංකාවෙ ඉන්නෙ. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩුබායි, අබුඩාබි නගර හදන්න සැලසුම් කරන්න මැදිහත් වෙච්ච පුද්ගලයා වෙන කවුරුවත් නෙවෙයි, මේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුවෙන් ඉපදිලා දැන් කැනඩාවෙ ජීවත්වෙන පුද්ගලයෙක්. ඉතිං මේ අපේ රටේ මිනිස්සු. රට හදන්න මිනිස්සු ඉන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරනකොට තමන්ගෙ අතින් වියදම් කරලා, ටිකට් එකට සල්ලි දීලා ආවා. ඇයි ? හිතුවා එහෙම රටක් හැදෙයි කියලා. ඒ විශ්වාසයෙන් තමා එදා ඡන්දෙ දුන්නෙ. නමුත් දැන් ඒක බිඳවැටිලා තියෙන්නෙ. අපි සහතික කරනවා, අපේ පාලනයක් තුළ හොරකම නෑ, වංචාව නෑ. අපි ඒක භාවිතාවෙන් ඔප්පු කරලා තියෙන්නෙ.

අපිත් අමාත්‍යාංශවල වගකීම් දැරුවා. ඇල්පෙනිත්තක් හොරකම් කළා කියලා අද වෙනකල් අපි කාටවත් චෝදනා කරන්න බෑ. අපි එහෙම කරලා නෑ.

ඔය නෙළුම් පොකුණ පටන් ගත්තේ රාජපක්ෂ මහත්තයා නෙවෙයි. 2004 සංස්කෘතික අමාත්‍යාංශයේ අපි එදා පටන් ගත්තෙ. ඔතන තිබුණෙ නොමෑඩ්ස් පිට්ටනිය. නොමෑඩ්ස් පිට්ටනිය අපි පවරාගත්තා සංස්කෘතික අමාත්‍යාංශයට. චීනෙත් එක්ක අපි සාකච්ඡා කළා, ගිවිසුම අත්සන් කළා. චීනා අපට ගෙනල්ලා ණය දෙන්නම්, ආධාර දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඊට පස්සෙ චීනා ගෙනාවෙ හදලා ඔය BMICH එක වගේ මොඩ්ල් එකක්. නෙළුම් පොකුණ නෙවෙයි ගෙනාවෙ.

මම කිව්වා ‘බෑ, මේක අපේ රට. ඔයාලාගෙ සල්ලි, අපේ රටේ සංස්කෘතික මූලස්ථානය මේ තියෙන්නෙ, ඒක තියෙන්න ඕනෙ අපේ ගෘහනිර්මාණ ශිල්පයට අනුව’ කියලා.

චීනා කිව්වා ‘බෑ, අපි දෙන්නෙ සල්ලි, අපිට ඕනෙ විදියට හදන්න ඕනෙ’ කියලා.

අපි කිව්වා ‘එහෙනම් වැඩේ නවත්තමු’ කියලා.

බැරිම තැන අරගෙන ගියා ඒ මොඩ්ල් එක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ළඟට. එතුමියත් වටේ කැරකිලා බලලා කිව්වා ‘මෙතුමා කියන එක හරි. මේක අපේ රට. නැෂනල් ආට් තියටර් එක තියෙන්න ඕනෙ ලංකාවෙ ගෘහනිර්මාණ ශිල්පයට අනුව’ කියලා. අන්න චීනා පස්ස ගැහුවා. ඊට පස්සෙ එකඟ වුණා දෙගොල්ලන්ගෙම ගෘහනිර්මාණ ශිල්පයට අනුව මේක හදමු කියලා.

ඊට පස්සෙ තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් මම යැව්වෙ චීනෙට සති දෙකකට. චීනයේ ආකිටෙක්චර් කණ්ඩායම ගෙනාවා ලංකාවට. ඒ දෙගොල්ලො එක මේසයේ වාඩිවෙලා තමා ඩ්‍රෝවින් එක කළේ. ඇත්තටම ගත්තොත් නෙළුම් පොකුණ ඔය සංකල්පය, අදහස දුන්නෙ අප්‍රසිද්ධ පුද්ගලයෙක් අදටත් පොලොන්නරුවේ සංස්කෘතික අරමුදලේ වැඩකරන සුපවයිසර් මහත්තයෙක් තමයි නෙළුම් පොකුණ අදහස දුන්නෙ. බලන්න ගිහිල්ලා යාපහුවෙ සිංහයා, චීනෙ සිංහයා එක හා සමානයි. අන්න ඒක එකතු කරලා, මිශ්‍ර කරලා තමයි නෙළුම් පොකුණ නැෂනල් ආට් තියටර් එක අපි සංස්කෘතික අමාත්‍යාංශයෙන් 2004 පටන් ගත්තෙ. චන්ද්‍රිකා බණ්ඩාරනායක රට බෙදන්න සුනාමි සහන මණ්ඩලය ගෙනාවා. අපි ආණ්ඩුවෙන් ඉවත් වුණා. 2005 සැප්තැම්බර් මාසෙ චන්දිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය මුල්ගල තිබ්බා. ඊට පස්සෙ නොවැම්බර් මාසෙ මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා, එතුමා ඇවිල්ලා විවෘත කළා, බෝඩ් එක ගැහුවා මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ කියලා”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan