උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නය කොළඹට – ධීවරයින්ට පල නොකියා පලා බෙදමින් අමාත්‍යාංශයට ඉබි යතුරුත් වැටෙයි (VIDEO)

Date:

උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසඳුම් ඉල්ලා අද (08) ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාව හේතුවෙන් අමාත්‍යාංශය ඉදිරිපිට ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ අතර අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් පැවැත්වීම සඳහා අමාත්‍යාංශයට ඇතුල් වීමට ධීවර නියෝජිතයින් උත්සහ කළ නමුත් ඔවුන්ට අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වීමට නොහැකි වන සේ ගේට්ටුවට ඉබි යතුරු දැමීමටයි එහි ආරක්ෂකයින් කටයුතු කර තිබුණේ.

කෙසේවෙතත් ධීවර නියෝජිතයින් 05 දෙනෙකුට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව හිමි විය.

එහිදී අමාත්‍යවරයා පවසා තිබුණේ උතුරු මුහුදේ ඉන්දීය ධීවර ආක්‍රමණය වැලැක්විම සඳහා අවශ්‍ය නෛතික පියවර ගෙන තිබෙන අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද එම මැදිහත්වීම කරමින් සිටින බවයි.

එම සාකච්ජාවද ඉතා උණුසුම් වී තිබේ.

සාකච්ජාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවේ දැනට මුහුණ දී සිටින මෙම ධීවර ගැටලුවට නිසි විසඳුම් දීමට අමාත්‍යවරයාට නොහැකි වූ අතර සාකච්ජාව අසාර්ථක බවයි.

එහෙත් මෙම ධීවර සටන නොනවතින අතර ඉදිරියේදී රට පුරා සිටින ධිවරයින් සමඟ අමාත්‍යාංශය වටලන බවයි රත්න ගමගේ මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...