උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නය කොළඹට – ධීවරයින්ට පල නොකියා පලා බෙදමින් අමාත්‍යාංශයට ඉබි යතුරුත් වැටෙයි (VIDEO)

Date:

උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසඳුම් ඉල්ලා අද (08) ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාව හේතුවෙන් අමාත්‍යාංශය ඉදිරිපිට ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ අතර අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් පැවැත්වීම සඳහා අමාත්‍යාංශයට ඇතුල් වීමට ධීවර නියෝජිතයින් උත්සහ කළ නමුත් ඔවුන්ට අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වීමට නොහැකි වන සේ ගේට්ටුවට ඉබි යතුරු දැමීමටයි එහි ආරක්ෂකයින් කටයුතු කර තිබුණේ.

කෙසේවෙතත් ධීවර නියෝජිතයින් 05 දෙනෙකුට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව හිමි විය.

එහිදී අමාත්‍යවරයා පවසා තිබුණේ උතුරු මුහුදේ ඉන්දීය ධීවර ආක්‍රමණය වැලැක්විම සඳහා අවශ්‍ය නෛතික පියවර ගෙන තිබෙන අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද එම මැදිහත්වීම කරමින් සිටින බවයි.

එම සාකච්ජාවද ඉතා උණුසුම් වී තිබේ.

සාකච්ජාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවේ දැනට මුහුණ දී සිටින මෙම ධීවර ගැටලුවට නිසි විසඳුම් දීමට අමාත්‍යවරයාට නොහැකි වූ අතර සාකච්ජාව අසාර්ථක බවයි.

එහෙත් මෙම ධීවර සටන නොනවතින අතර ඉදිරියේදී රට පුරා සිටින ධිවරයින් සමඟ අමාත්‍යාංශය වටලන බවයි රත්න ගමගේ මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...