ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රසංගය හෙට (09) යාපනයේදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): යාපනයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයට සහභාගීවීම සඳහා ඉන්දීය ජනප්‍රිය නිළි විජය ලක්ෂ්මී යාඩි නොහොත් රම්බා ඇතුළු පිරිසක් යාපනයට පැමිණියහ. ඒ ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයක් බව පැවසේ.

ඉන්දීය සුපිරි ගායක හරිහරන් ද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පැමිණි අතර ඊයේ(07) මේ පිරිස යාපනයේ සංස්කෘතික පදනමේ පිරිස් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී මේ ප්‍රසංගය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් යාපනයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය හෙටට (09) කල් දමනු ලැබීය.

එම ප්‍රසංගය යාපනයේ මුත්තවේලී ක්‍රීඩාංගණයේදී හෙට (09) පැවැත්වෙන අතර, ඉන් පසුවද යාපනයේ ස්ථාන කීපයකදී ප්‍රසංග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ ප්‍රසංගයට සහභාගි වීම සඳහා ඉන්දීය නළු නිළියන් හා ගායක ගායිකාවන් රැසක්ම ඉදිරි දිනවල යාපනයට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...