*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ආර්ථික ත්‍රස්තවාදීන් සහ ඝාතකයන් නීතිය හමුවට ගෙන ඒම ගැන සජිත්ගෙන් පොරොන්දුවක්

දූදරුවන්ට ටකරන් හා පොල්අතු වහලත් රටේ පාලකයන්ට ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය හිමි බවත් මේ මන්දිර දෙකම ජාත්‍යන්තර තලයට ඔබින ඉහළම මාදිලියේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල ද්විත්වයක් බවට සමගි ජන බලවේග රජයක් තුළ පත් කරන බවත් පාලකයන්ට මන්දිර අවශ්‍ය නොමැති බවත් මන්දිර අවශ්‍ය වන්නේ මෙරට දරුපරපුරට සහ පොදු ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ සිටින්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් වුවත් රටේ දරුවන් හැකියාවෙන්, දැනුමෙන්, කාර්යශූරත්වයෙන්, නිපුණතාවයෙන් පොහොසත් බවත් ජාත්‍යන්තර තලයේ ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලැබීම රටේ දරුවන්ගේ අයිතියක් සහ උරුමයක් බවත් ඒ යුතුකම ඉටු කිරීම රජයක වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් වත්මන් රජයේ පාලකයෝ බංකොලොත් රටේත් පාලකයෝ පිනුම් ගගහා හොරා කන යුගයක රාජ්‍ය දේපල සම්පත් අරමුදල් මංකොල්ල කන බවත් සමගි ජන බලවේග රජයක් තුළ මේ ආර්ථික ත්‍රස්තවාදීන් සහ ඝාතකයන් නීතිය හමුවට ගෙනවිත් ඔවුන් රටෙන් හොරා කන මුදල් නැවත ගෙන රටට වන්දි ගෙවන තත්ත්වයකට පත් කර එම මුදල් රටේ දියුණුව උදෙසා යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 88 වැනි අදියර යටතේ අනුරාධපුර රාජාංගනය යාය 13/14 මහසෙන් ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පසුගියදා (06) එක්වෙමිනි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් පාසල් දූදරුවන්ට ලබා දුන් දිවා ආහාරය පවා කපා හැර ඇති මුත් සමගි ජන බලවේග රජයක් තුළ නැවත වරක් එම දිවා ආහාර ලබා දීමේ වැඩසටහනත් අදාළ ආරක්ෂක මෙවලම් සහිතව සුහුරු උපකරණයකින් සන්නද්ධ කිරීමේ වැඩසටහනත් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම රටේ පුරවැසියා සුහුරු ගෝලීය පුරවැසියකු වන්නේ දැනුම, උගත්කම, ඥානය, බුද්ධිය නිසා බවත් රජයේ වගකීම සහ යුතුකම විය යුත්තේ එය වර්ධනය කිරීම බැවින් ඒ සඳහා ගත හැකි උපරිම පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද සමගි ජන බලවේගය යන මේ ගමන කුමන බාධා, අභියෝග හා ගැටලු පැමිණියත් නතර නොකරන බවත් අරමුණ හා ගමන පිරිසුදු හා නිර්මල බවත් මෙහි ඒකායන ඉලක්කය වන්නේ 41 ලක්ෂයක් දුදරුවන් සුහුරු ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම බවත් මෙම දරුවන්ගේ වගකීම අනාගත රටේ නායකයා ලෙස තමා බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 88ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 855ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan