122 බස් රියදුරන් ධාවනයෙන් ඉවත් වෙයි

0
344

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW):හෝමාගම ඩිපෝ අධිකාරීවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේදී පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ ඔවුන්ගේ ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරමින් සිටියදී බව සඳහන් වේ.

එය හේතුකොට ගෙන 122 අවිස්සාවේල්ල පිටකොටුව මාර්ගයේ බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත් වී තිබෙන අතර, සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වේ.