*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලෝකය 1.5C සිමාව පසු කරයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 08,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 (ෆැරන්හයිට් අංශක 2.7) සිමාව ඉක්මවා ගොස් ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික සේවය නිවේදනය කර තිබේ.

දිගුකාලීන උෂ්ණත්වය ඉහළ යාම 1.5C දක්වා සීමා කිරීමට උත්සාහ කරන බවට ලෝක නායකයින් 200කට අධික පිරිසක් 2015 දී පැරිස් ගිවිසුම අත්සන් කළද එය ක්‍රියාත්මක නොවිය.

කාබන් විමෝචනය කපා හැරීම සඳහා හදිසි පියවර ගැනීම තවමත් මන්දගාමී වීම හේතුවෙන් කුණාටු, නියඟය සහ ලැව්ගිනි, දේශගුණික විපර්යාස ලෙස පෘථිවියට පහර දුන් අතර, නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජලය උණුසුම් කරන එල්නිනෝ කාලගුණ සංසිද්ධි අත්දැකීමට සිදු වූ අතර 2023 වසර පෘථිවියේ උණුසුම්ම වසර බවට පත් කළේය.

මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් පවසා ඇත්තේ පැරිස් සම්මුතියේ ඉලක්කය තවදුරටත් යථාර්ථවාදීව ඉටු කළ නොහැකි නමුත් ඉලක්කය ඉක්මවා යාම සීමා කිරීම සඳහා කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය අඩු කිරීමට වේගවත්ව ක්‍රියා කරන ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් කොපර්නිකස් හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා බර්ගස් ප්‍රකාශ කර තිබුණේ, මානව ක්‍රියාකාරකම් පාලනය කර හදිසි පියවරක් නොගතහොත්, ඉදිරි දශක කිහිපය තුළ උෂ්ණත්වය දිගටම ඉහළ යනු ඇති බවත්, හරිතාගාර වායු විමෝචනය සීඝ්‍රයෙන් අඩු කිරීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නැවැත්වීමට ඇති එකම ක්‍රමය බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan