මහ බැංකුවේ නවතම හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයක් බවද සඳහන් වේ.

තවද 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබුණු අතර, මෙය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට වඩා 10.1% ක ඉහළ යාමක් බවද වාර්තා වේ.

මෙම විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ , ශ්‍රී ලංකාවේ අපනයන ආදායම හැරුණුකොට දෙවැනියට වැඩිම විදෙස් විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙන මාර්ගය වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...