“සක්වල” නැවතිලා නෑ. අපේ රටත් සිලිකන් නිම්නය වැනි මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් කළ යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විට ඇමෙරිකානු නොවන රටකට අයිති ආයතන කේන්ද්‍ර කර ගෙන නව AI එකක් ආරම්භ කර ඇතිබවත් deepseak නම් මෙය chatgpt අභිබවා ගොස් ඇති බවත් අප රට ද සිලිකන් නිම්න බිහි කරන, මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන, නව පරිගණක හා තොරතුරු තාක්ෂණ නිපුණතා කුසලතා ඇති පාරාදීසයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මෙහෙයවු නාද අභිමන් 24 උත්සවයට එක්වෙමින්.

මීට පෙර තමා මේ පාසලට සුහුරු පන්ති කාමරයක් දුන් බවත් සක්වල හුස්ම තවම නැවතිලා නැති බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙය ආරම්භ කරන බවත් පක්ෂ භේදයෙන් තොරව ආණඩුව විපක්ෂය ඒකරාශි කර ගෙන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ පාසල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආදර්ශමත් විද්යාලයක් බවට ද පත් කළ හැකි බවත් ලොව දිනන නව තාක්ෂණයක් වන ⁣තොරතුරු තාක්ෂණය සැම පාසලකම ක්‍රියාත්මක කළ යුතු බවත් මෙය රජයට පමණක් තනිවම කළ නොහැකි බවත් රාජ්‍ය රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ආදි සියලුම දේ සම්බන්ධ කර ගෙන නවීනතම උපකරණ නව තාක්ෂණ ක්‍රමවේද ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...