*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රුසියාවට ප්‍රංශ දොර වැහෙයිද?

ප්‍රංශයේ පැවත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියට රුසියාවේ සහභාගීත්වය අවශ්‍යය නොවන බව පැරිස් නගරයේ නගරාධිපති ඇනී හිඩෙල්ගෝ පවසනවා.ඒ යුක්රේනයට එරෙහි රුසියාවේ යුද ප්‍රහාරය පදනම් කරගෙනයි.තරගාවලියේ සත්කාරකත්වය දරන ප්‍රංශයේ තරගාවලිය පැවත්වෙන තරගයේ නගරාධිපතිණියගේ මෙම ප්‍රකාශය මේ වන විටත් රුසියාවේ ම්ලේච්ඡ ප්‍රහාරයන් ප්‍රතික්ෂේප කරමින් සිටින අන් රටවලට ද විශාල උත්තේජනයක් සපයනවා.
මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානි තෝමස් බැච් අපහසුවට පත් කරන සුළු එකක්.ඔහු මීට පෙර පවසා තිබුණේ රුසියානු සහභාගීත්වට එරෙහිව ක්‍රීඩා උළෙල වර්ජනය කරන අන්දමේ ප්‍රකාශ නිකුත් වෙද්දී ඕනෑම වර්ජනයක් ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝණය කරන බවය.යුක්රේනය රුසියාව සහ බෙලරුසියාව සම්බන්ධයෙන් වර්ජනය සම්බන්ධ අදහසක් ඉදිරිපත් කළ විට බැච් එසේ කීවත් ඇනී නගරාධිපතිණියගේ ප්‍රකාශය සුළුවෙන් ගන්නට නොහැකිය.
“රුසියාව යුක්රේනයට එරෙහිව යුද්ධය දිගටම කරගෙන යන තාක්, පැරිස් 2024 ක්‍රීඩා උළෙලේ රුසියානු නියෝජිත පිරිසක් දැකීමට මම කැමති නැත.මට එය අශෝභන ලෙස පෙනෙනු ඇත.යුක්රේනයට බෝම්බ වැස්සක් වහිද්දී, කිසිවක් සිදු නොවූවාක් මෙන් පෙළපාලි යාමට, නියෝජිත පිරිසක් පැරීසියට පැමිණීම අශෝභනය.”
ඇනී හිඩොල්ගෝ එසේ පවසද්දි ස්කැන්ඩෙනියානු රටවල් වන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය සහ අයිස්ලන්තය IOC වෙත ලිපියක් යවමින් කියා සිටියේ “2024 පැරිසියේ රුසියානුවන් සහ බෙලරුසියානුවන් පැමිණීමට ඔවුන් විරුද්ධ බවයි.” මේ රටවල ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් කමිටු එකම ස්ථාවරයක සිට මෙසේ ප්‍රකාශ කරන්නේය.
දැනටමත් රුසියාවට එරට ධජය යටතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙහෙයවන තරගවලට සහභාගිවීම තහනම්ය.ඒ යුක්රේන යුද්ධය නිසා නොවේය.තහනම් උත්තේජන සම්බන්ධ චෝදනා එල්ලවීම සහ එය පරික්ෂාවේදී පුටින්ගේ රජය ඊට අවශ්‍යය සහය නොදීමය.ඇතැම් විටෙක රුසියානු නායකයාට හිට්ලර්ට දැනෙන අන්දමේ ජාතික උමතුවක් තිබෙන ආකාරයක් පෙනෙන්නට ඇති අතර ඔහු ජාත්‍යන්තර එකඟතා සහ ප්‍රතිපත්ති හෑල්ලුවට සහ අපහාසයට ලක් කරමින් ලෝකයේම පාලකයා තමන් විය යුතුය වැනි ම්ලේච්ඡත්වයට සමීප උද්ධච්ඡ,වියරු හැඟීමක් පාලනය කරන බවක් දැකිය හැකිය.
මේ තත්ත්වය මත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලෝකයම අත හැර රුසියාව සහ බෙලරුසියාව පමණක් ගෙන්වා ඔලිම්පික් තරග පවත්වන්නට හැකියාවක් නොලැබෙනු ඇත.එහි දී රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ තරගාවලියට සහභාගි වන්නේනම් අනිවර්යෙන් එම රටවල් අතහැර පැමිණිය යුතු වන්නාහ.දේශපාලනික ප්‍රචණ්ඩත්වයට සහ වියරු යුද කාමයට එරෙහිව ඔවුන් එරට ඔලිම්පික් ධජ යටතේ නොව සරණාගත ධජය යටතේ ක්‍රීඩා උළෙලට පැමිණේනම් සිය දක්ෂතා සඳහා යම් ඉඩක් සකසා දීමට ලෝකය එකඟ වනු ඇත.
“යුක්රේනයට බෝම්බ වැස්සක් වහිද්දී, කිසිවක් සිදු නොවූවාක් මෙන් පෙළපාලි යාමට, නියෝජිත පිරිසක් පැරීසියට පැමිණීම අශෝභනය”
නගරාධිපතිණියගේ ප්‍රකාශය ඇතුළේ ඇති මේ වචන හරිම සියුම් සහ ඒත් කැපෙන සුළු සැතක් තරමට මුවහත්ය.මිනීමරු පාලනයක් යටතේ ඊට එරෙහිව ජිවත්වීමට මිනිස්සුන්ට ඇති අයිතිය නොසළකා නිහඬව සිටින පිරිසක් තුළින් සිඳුවන්නේ එම පාලනයට අනුමැතිය සහ අනුබලය දීමක්ය.ඉතිං ඔවුන් කිසිවක් නොදන්නා උන් සේ ප්‍රංශයට පැමිණ කෙළි සෙල්ලම් කිරීමෙන් යුද්ධයේ දායකත්වය අහෝසි වෙන්නේ නැත.ඒ නිසා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීම සඳහා ඇති හොඳම ඉඩ තමන්ගේ මනුස්සකම පදනම් කරගෙන ම්ලේච්ඡ පාලනයට එරෙහිව එම භූමිය අතහැර යාමය.සරණාගතයන් සේ ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමය.බොහෝ විට සිය බහුතර සාමාජික බලය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ තීරණයට කැඳවා ගෙන යන්නට ඉඩ ඇත.
අති අහිංසාවාදි ආගමික දර්ශනයක් මෙලොවට ප්‍රදානය කළ ගෞතම බුදුන්ගේ දර්ශනයේ ශ්‍රී ලාංකික උරුමක්කරුවන් සේ පෙනී සිටින ඇතැම් චීවරධාරීහු ද,පසුගිය කළෙක වත්මන් ලෝක නායකත්වයේ පරමාදර්ශය පුටින්ගේ නායකත්වය සේ ගන්නට යැයි ශ්‍රී ලංකාවේ නායකයන්ට ද අනුශාසනා දෙමින් දේශනා කළ අතර,ඇතැම් චීවරධාරිහූ බෞද්ධ රටේ නායකයා හිටිලර් මෙන් විය යුතු යැයි ද දේශනා කළහ.නමුත් රුසියාව යනු ලෝකය ඇතුළේ තිබෙන රටක් මිස ලෝකය රුසියාව ඇතුළේ තිබෙන දෙයක් නොවන බව හැඟවීමේ ආරම්භය ප්‍රංශ ඔලිම්පික් උළෙල වීමට බොහෝ දුරට ඉඩ ඇත.එහෙත් කණගාටුව වියරු නායකයන්ට සිය උමතු නායකත්ව වියරුව පරාජය වන තෙක් අහිමිවන ජිවිත ගැන හැඟීමක් හෝ තැකීමක් නැතිකමය.
පැරිස් නගරාධිපතිණියගේ වචන හරි බරට කපාගෙන හදවතට බහින්නට තරම් තෙත් හදක් ඇත්නම්, රුසියානු ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් ස්වීය ලෝක මට්ටමේ දක්ෂතාද රැඟෙන රුසියාවෙන් නික්ම පැමිණීම රුසියානු නායකයාගේ වියරු රංගනයේ අවසාන අංකයට තිරය විවරවීමක් වන්නට ඇති ඉඩ සුවිශාලය.ඒ අනුව ප්‍රංශය 2024 ලෝක කෙළිබිමට නොව ලෝක රණ බිමට ද කරන ආරාධනාවක් විය හැකිය.
ඡායාරූපයේ සිටින්නි පැරිස් නගරාධිපතිණිය ඇනී හිඩෙල්ගෝ ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan