ජනපති මැදුරෙන් හමුවූ මුදල් අසරණ ජනතාවට ලබාදීමට තිබූ මුදල් බව CID ය පවසයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේ අරගලකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්ධිරයේ තිබියදී සොයාගත් මුදල්, අසරණ ජනතාවට බෙදා දීමට සූදානම්කර තිබුණු මුදල් බවයි.

කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී පසුගිය දා අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය අනුව අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත නැවත භාර දීමට නියෝග කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කර ඇත.

අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...