පොහොට්ටුව ගමන පටන් ගන්නවා, ආණ්ඩුවේ කුඩා පක්ෂවල සෙල්ලම් අදින් ඉවරයි – ෂෙහාන් (VIDEO)

Date:

පසුගිය කාල සීමාව තුළ ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව විවේචන එල්ල කරමින් කටයුතු කරමින් සිටියේ පොහොට්ටුව තම දේශපාලන ගමන ආරම්භ නොකර සිටීම නිසා බවත් අද (09) සිට පොහොට්ටුව තනි පක්ෂයක් වශයෙන් සිය අනන්‍යතාවය වෙනුවෙන් ගමන ආරම්භ කරන බැවින් කුඩා පක්ෂවල දුර්මත පළකිරීම් අදින් අවසන් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“අපේ රජය ඇතුළෙ ඉන්න සන්ධානයේ සියලු දේශපාලන පක්ෂ තම තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් තම තමන්ගේ සමුළු සහ මහජන හමුවීම් පවත්වාගෙන යනවා. ඒකට අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා කිසිම බාධාවක් කරලා නෑ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පසුගිය දවස්වල විවිධ සමුළු පැවැත්වුවා. ඒ සමුළුවල අරමුණ හැටියට අපට නම් පෙනුනේ ඔවුන් දිගින් දිගටම රජය විවේචනය කිරීමට වේදිකාවක් හදලා දුන්නා විරුද්ධ පක්ෂයට. එතකොට එයාලාගෙ විරුද්ධ පක්ෂයත් එක්ක කිසියම් අතයට සාකච්ඡාවක් සිදුවෙනවා කියන එක පැහැදිලිව පෙනෙන්න තිබ්බා.

ඒ හින්දා මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක්. මේකට ඕනෙ කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ. අනෙක් දේශපාලන පක්ෂ තමන්ගෙ අනන්‍යතාවය වෙනුවෙන් රැස්වීම් පවත්වනවා වගේම පොහොට්ටුවේ අනන්‍යතාවය වෙනුවෙන් අපේ ගමන අපි ආරම්භ කළා. අපේ දේශපාලන ගමන ආරම්භ නොකර සිටීම නිසා තමයි අනෙක් දේශපාලන පක්ෂවලට විවිධ දුර්මත පළ කරන්න වේදිකාවෙක් හැදුණෙ. ඉතින් හෙටින් පස්සෙ වෙනත් දේශපාලන පක්ෂ ඒ දුර්මත පළකිරීම අවසාන වේවි. මං හිතනවා හෙට හොඳ ආරම්භයක් ලැබේවි. අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රජය වෙනුවෙන් අනුරාධපුර නගරයට රැස්වීමට නියමිතයි”

ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) අනුරාධපුර සල්ගාදු පිටියේ රැලිය සඳහා සංවිධාන කටයුතු සිදුකරන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. රැලිය අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...