*
Saturday, June 1, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය වර්ජනයට හේතුව ජාතික ප්‍රතිපත්තියෙන් බැහැරව ගුරු වැටුප් වැඩි කිරීමයි – GMOA

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන වර්ජන හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණය කළයුතු බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම්, වෛද්‍ය නවීන් සොයිසා මහතා පවසන්නේ මෙවැනි මතයක් සමාගත වීම එතරම් සුබදායක නොවන බවයි.

මේ වනවිටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයක නිරතවෙමින් සිටින අතර මේ නිසා රටපුරා රෝහල් රැසක කටයුතු අඩාල වී තිබේ. ඊයේ දිනයේදීද වෘත්තීය සමිති නියෝජිතයන් සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර සාකච්ඡාවක් පැවති නමුත් විසඳුමකට පැමිණීමට අසමත් විය.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම වර්ජනයට ප්‍රධාන හේතුව ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම බවයි. මාස කිහිපයක් තිස්සේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සිදුකළ වැඩවර්ජනයකින් පසුව ජාතික වැටුප් ප්‍රතිපත්තියෙන් බැහැරට ගොස් ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට රජය කටයුතු කළ බව පෙන්වා දෙන වෛද්‍ය නවීන් සොයිසා මහතා පවසන්නේ මෙය රජය විසින් ගත් බරපතල වැරදි ක්‍රියාමාර්ගයක් බවයි.

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර තිබියදී ඉන් බැහැරට ගොස් ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම හරහා රාජ්‍ය සේවය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කර ඇති බවද වෛද්‍යවරයා පවසනවා. රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම හරහා රාජ්‍ය සේවය පෞද්ගලීකරණය කළ යුතුය යන මතය තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු සඳහන් කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan