සෞඛ්‍ය සේවකයන් අදත් සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි – කැරලි මර්දන ඒකකයත් කැඳවයි

Date:

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයන් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණ තිබෙනවා.

කොළඹ නව නගර ශාලාව අසල විරෝධතාවයක නිරත වූ සෞඛ්‍ය සේවකයන් පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණ ඇති අතර ඔවුන්ට අමාත්‍යංශ භූමියට ඇතුළුවීමට ඉඩ ලබා දී නොමැත. ඉන් අනතුරුව විරෝධතාකරුවන් බලහත්කාරයෙන් අමාත්‍යංශ භූමියට ඇතුළු වී එහි රැඳී සිට තිබෙනවා.

උද්ගත වූ උණුසුම්කාරී තත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකකයද කැඳවූ බවයි වාර්තා වන්නේ.

වැටුප් වැඩි කිරීම, සේවයේ ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරමින් ශ්‍රේණි කිහිපයකට අයත් සෞඛ්‍ය සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඊයේ දිනයේදීද ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පා ගමනින් පැමිණ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...