*
Monday, May 13, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 22: බය හිතෙන ලෝකයක අභයභූමි

එකමත් එක දවසක හත වසර පන්තියේ ඉන්න කොල්ලෙක්ගෙන්, නිව්මන් චමින්ද හෙන්රි කියල එවකට සමීපතම යාළුවෙක් අහනව, “උඹ ටෙලි නාට්‍යයක රඟපාන්න කැමතිද ?” කියලා. අර කොල්ලා පැනපු ගමන් හා කියනවා. එහෙනං අසවල් දවසේ උදේ හතට රාජිත අයියලගෙ ගෙදරට වරෙන් කිව්වම කියපු වෙලාවටම එතනට යනවා. රන්ජිත් ධර්මකීර්ති සූරීන් ලියපු ‘අභයභූමි’ නවකතාව ඇසුරෙන් පරාක්‍රම ද සිල්වා  මහත්තය නිර්මාණය කරන ටෙලි නාට්‍යයකට අර කොල්ලවත් තෝරාගන්නවා. අභයභූමි නවකතාවේ ප්‍රධාන ළමා චරිත හතරක් තියෙනවා. අමල්, වසන්ත, අභය සහ නිලන්ත. ඈත මුහුදේ දූපතක කරෝල වාඩියක සිරව සිටින පැහැරගෙන යන ලද ළමයි.

අමල් , නගරයේ හැදුණු වැඩුණු යමක් කමක් තියෙන පවුලක දරුවෙක්. වාඩියෙන් පැනයාමේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ ඔහු. ඒ චරිතය රඟපෑවෙ චන්දන ජයසිංහ කියල සොයුරෙක්. ඔහු අද කොහේ ඉන්නවද දන්නෙ නැහැ.  වසන්ත කියන්නේ අනුරාධපුරේ ගොවියෙක්ගේ පුතෙක්. හේන් ගොවිතැන කරපු නිසා තුවක්කුවක් හසුරවගන්න දැනුමක් ඔහු සතුව තියෙනව. ඒ චරිතයට පණ දුන්නේ රාජිත දිසානායක. රාජිත දිසානායක අද රටම දන්න නාට්‍යකරුවෙක්. ඔහුගේ අලුත්ම නාට්‍යය ‘2019 ජූලි මාසේ දවසක්’.

අභය, සිතියම් අධ්‍යයනයට දක්ෂව සිටි දරුවෙක්. අභයට රඟපෑවෙ අර පණිවිඩේ කියපු යාළුවා නිව්මන්. ඔහු අද නීතිඥයෙක්. නිලන්ත, කරෝල වාඩියට එන්න කලින් මෝටර් යාන්ත්‍රික විද්‍යාවට දක්ෂ ශිෂ්‍යයෙක්. නිලන්තගේ චරිතයට තෝරාගත්ත කොල්ලා තමයි මේ කොලම ලියන ලියුම්කරු. අමල් නායකත්වය දෙනවා. කරෝල වාඩියේ මුදලාලිගෙ මැරයන් අත තිබූ තුවක්කුවක් වසන්ත අතට ගන්නවා. වාඩියෙන් පැන මුහුදෙන් පැනයාමේ සිතියම අභය අඳිනවා. බෝට්ටුවක් පැහැරගෙන එය ක්‍රියාත්මක කොට ධාවනය කිරීම සඳහා නිලන්තගේ යාන්ත්‍රික දැනුම උදව් වෙනවා.

අභයභූමිය සොයා යාමේ වික්‍රමාන්විතය පෙළගැහෙන්නේ ඔන්න ඔහොමයි. ‘බිත්ති හතර’, ‘සෙවනැලි ඇද මිනිස්සු’ වැනි විකල්ප ධාරාවේ චිත්‍රපට නිර්මාණය කරපු පරාක්‍රම ද සිල්වා ටෙලිවිෂන් වෘතාන්තයක් නිර්මාණය කරන්න ගත්ත ඒ වෑයම වාරණ මණ්ඩලයකින් කෙළවර වුණා කියලයි ලියුම්කරු අසා තිබෙන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී එම්.ජේ.ආර්. ඩේවිඩ්, පරාක්‍රම මහත්තය ගැන ලියපු ලිපියක මෙහෙම තියෙනව, “ඔහු මුරණ්ඩු   සහ හිතුවක්කාර නිර්මාණවේදියෙකු  යැයි හඳුන්වා දිය හැකිය. එහෙත් සියුම් නිර්මාණ  බිහිවන්නේ අප්‍රමාණ කලකිරීම සහ අනවරත අරගල කිරීම හේතුවෙන් බව පරාක්‍රමගේ දිවිය අපට කියා දෙයි.”

ඔය කියන අප්‍රමාණ කළකිරීමට අර වාරණ මණ්ඩලයේ තීරණයත් ඔහුගේ අවසන් කාලයේ බලපාන්න ඇති. අභයභූමියෙහි මුදලාලිගේ මැර ගෝලයන් ලෙස රඟපෑ ලින්ටන් සේමගේගේ හෝ ග්‍රැන්විල් රුද්‍රිගෝගේ ගෙලෙහි මාලයක තිබූ කුරුසියක්, එකී වාරණයට හේතු වූ බව නිල නොවන ආරංචි මාර්ග පවසනවා. `කළු` චරිතයක් `සුදු` ආගමික සංකේතයක් පැළඳ සිටීම කාගේ හෝ නොසතුටට හේතු වන්නට ඇති. ඒ නොසතුට ටෙලි නාට්‍යය විකාශය නොකිරීම දක්වා වර්ධනය වෙන්න ඇති. මේ වගේ සංස්කෘතික බියකරු බිමකින් මිදී සෙමෙන් සෙමෙන් පා නැගිය හැකි අභයභූමියක් ලෙස, පරාක්‍රම ද සිල්වාගේ හෘදයට මරණය දිස්වෙන්න ඇති.


ඔහුගේ මරණයෙන් වසර ගණනාවකට පසු ඔහුගේ ඥාති පුත්‍ර රාජිත දිසානායක `ජූලි මාසේ දවසක්` නිර්මාණය කරමින් යළිත් විදාරණය කරන්නේ ඒ සමාජයීය හෘදයාබාධයේම තවත් පැතිකඩක් නොවේදැයි ලියුම්කරු කල්පනා කරනවා. ජාතිය සහ ආගම ලේබල් බවට පත්වූ ලෝකයක මිනිසත්කමේ අසරණභාවය කෙතරම්දැයි පපුවට ඇඟිල්ලෙන් ඇන මතක් කරන්නට `ජූලි මාසේ දවසක්`  සමත් වෙනවා. සාම්ප්‍රදායික නාට්‍යානුසාරි වේදිකා සැණකෙළි එහි නැතත් ජීවිතය හා සමාජය විනිවිදින සියුම් කම්පන තරංග වේදිකාවේ සිට ප්‍රේක්ෂකාගාරයට පාවෙනවා. ඒවා අපව රිද්දනවා. ඒවා අපව ඇහැරවනවා. ඒවා අපට මිනිස් අභයභූමියක් සොයා යන්නැයි – සොයා ගන්නැයි – තනා ගන්නැයි ඉඟි කරනවා.

ඒ සංස්කෘතික අභයභූමිය සොයා යාමට නායකත්වය දෙන්න අමල්ලා අවශ්‍යයි. යන්නේ කොතැනටදැයි හතර මායිම දැන ගමන් කිරීමට සිතියම් ඇඳීමට අභයලා අවශ්‍යයි. තුවක්කු බට නැතත් අකුරෙන් ගීයෙන් රංගනයෙන් අවි තනන්නට වසන්තලා අවශ්‍යයි. අභයභූමිය සොයා යාත්‍රාව පැදවීමේ යාන්ත්‍රණය දත් නිලන්තලා අවශ්‍යයි. සල්ලි හොයන්නට මනුස්සකම යට කරන කරෝල වාඩියක් වී ඇති දූපතේ  දැවෙන – තැවෙන – තැලෙන – පෙළෙන ජනී ජනයා වෙත ආමන්ත්‍රණය කරන්නට ආදරණීය භාෂාවක් අවශ්‍යයි. එහෙම ඕන නැද්ද ?

– විමල් කැටිපෙආරච්චි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan