*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

Online Safety පනත ව්‍යවස්ථාවට පටහැනියි. කතානායක ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා – සජිත්ගෙන් චෝදනා

පසුගිය දා සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවලට පටහැනි වන වගන්ති ගණනාවක් මෙහි අන්තර්ගත බවත් මෙම පනත සම්මත කිරීමේ දී කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පනතේ 24 වගන්තිය සහ පනත් කෙටම්පතේ 27 වැනි වගන්තිය 11 (ඇ) සමඟ කියවන විට අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයකු හෝ අන්තර්ජාල අතරමැදියකු හට මාර්ගගත ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සදහා කරුණු විභාග කර බැලීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරයකු විසින් ලබා දෙනු ලබන නියෝගයක් අවශ්‍ය බව අධිකරණය විසින් නිරික්ෂණය කර ඇති මුත් වත්මන් පනතේ මහෙස්ත්‍රාත් විභාගයකින් තොරව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයකු හෝ අන්තර්ජාල අතරමැදියකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි අවස්ථා ගණනාවකදී පනත් කෙටුම්පත් සම්මත වී ඇත්තේ අධිකරණය ලබා දුන් නිරීක්ෂණ නොතකා බවත් 13 වැනි වගන්තියට අනුව සංශෝධනයට අමතරව අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් 13 වැනි වගන්තියට තවදුරටත් සංශෝධන ගෙන ආ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ පිටු අංක 46 සහ 47 තුළින් යෝජනා කර ඇති මුත් එම අතිරේක සංශෝධන හදුන්වා දී නොමැති බවත් ඊට අමතරව 16 වැනි වගන්තිය තුළ ආගමික හැගීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර්ජාල පරිශිලකයන්ට බියෙන් තොරව අන්තර්ජාලයේ සැරිසැරීම හා අන්තර්ක්‍රියා සිදු කිරිමට අවශ්‍ය ආරක්ෂිත පරිසරය බිද හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය කරන තීරණය හා නිසි පරිදි අනුගත වීමට නම් 16 වැනි වගන්තිය ඉවත්විය යුතු බව සදහන් වුවත් එවැනි දෙයක් සිදුව නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

19 වැනි වගන්තිය අනුව උක්ත 16 වැනි වගන්තිය දී මෙන්ම මෙහි දීද කැරුල්ලක් හෝ රජයට විරුද්ධ වරදක් සිදු කිරීමේ චෝදනා මත අන්තර්ජාල පරිශීකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදුවන බැවින් මෙම 19 වැනි වගන්තිය ඉවත් විය යුතු බව පැවසුවත් එවැනි දෙයක් සිදුව නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෙම පනත අනුමත කිරීමේ දී පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා සහ රජයේ පාර්ශ්වයේ සංශෝධන කළ පාර්ශ්වයත් වරදක් සිදු කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට අනුගත විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා සදහන් වුවත් එවැනි දෙයක් සිදු වී නොමැති බවත් මෙවැනි අඩුපාඩුකම් 9ක් ඇති බවත් මේ නිසා කතානායකවරයා සතු විශ්වාසභංගය නැතිව ඇති බවත් එම නිසා පක්ෂ නායක රැස්වීමක් කැදවා මෙම අඩුපාඩු පෙන්වා දීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම අවස්ථා ගණනාවකදී කතානායකවරයා ඡන්දයක් ලබා නොදුන් බවත් එම නිසා මෙම පනත නීතිගත කිරිමේ දී අධිකරනය ලබා දුන් නියෝග පැහැර හැර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බවත් ඒ සදහා කතානායකවරයා ඇතුළු පිරිස හවුල් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan