රැකියා අහිමි වූ ජෝර්දාන් ඇඟලුම් සේවකයින් පිරිසක් යළි මෙරටට!

0
261

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සේවය කරමින් සිටියදී ඒවා වසාදැමීම හේතුවෙන් අසරණ වී සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ජෝර්දානයේ මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා පළා ගොස් ඇති බව සඳහන්වේ,

ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙම ජෝර්දාන කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉදිරි දින දෙක තුළ මෙරටට යොමුකිරිමට නියමිත බවයි.