කංචන USAID සමඟ සාකච්ඡාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): අද උදෑසන ( 09) ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ තාක්ෂණික සහ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක වන බලශක්ති ව්‍යාපෘති සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙහිදී ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල වත්මන් ප්‍රගතිය, සහයෝගිතා ආයතන වල සහ පාර්ශවකරුවන්ගේ අදහස් අනුව සිදුවන නව විදුලිබල පනතේ සංශෝධන, ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල කාලරාමුව සහ පුනර්ජනනීය බලශක්ති සංකලන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන සදහා වන ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ නියෝජිතයන් දැනුවත් කරන ලද අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇගයීම් සදහා වන තාක්ෂණික සහය විදුලිබල අංශයේ හා මහජන උපයෝගීතා කොමිසමේ නව ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද ඔවුගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද මහජන උපයෝගීතා කොමිසමට විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදා හැරීමේ විගණනයක් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ සහය ලබා දෙන බව දන්වා ඇති බව සඳහන් වේ.

ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ මෙරට මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රෞ, ආර්ථික සංවර්ධන කටයුතු කාර්‍යාලයේ අධ්‍යක්ෂ මේ සඳහා සහභාගි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...