*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

දේශපාලන වශයෙන් තිබෙන පුද්ගලික ආශාවන් සියල්ල අත්හරින්න – බන්දුල ගුණවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): දේශපාලන වශයෙන් තිබෙන පුද්ගලික අභිමතාර්ථ, පුද්ගලික ආශාවන් සියල්ල අත හැර රටක් වශයෙන් මෙතනින් ගොඩ ඒ්ම සඳහා ජාතික එකගතාවයක් ඇති කර ගැනීමට නමි මෙම වැඩපිළිවෙළ හැර වෙන විකල්ප වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නිදහසින් පසු අවුරුදු 76 ක ඉතිහාසය තුළ, රට මුහුන පා තිබෙන ජාතික ඛේදවාචකය සහ ඉන් ගොඩ ඒම සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවේදී අවධානය යොමු කල බවද ඔහු කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

මේ ඇත්ත පිළිගන්න. අපි ආණ්ඩුවක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර එකඟතාවයකට පැමිණ තිබෙනවා. විදෙස් රටවලට ගිහින් සාකචිඡා කර ඒකඟ වී තිබෙනවා. නමුත් කවුරු හරි හිතනවා නම් ඇවිත් මේක කරනවා කියලා ඒක කරන්න බැහැ.

දේශපාලන වශයෙන් තිබෙන පුද්ගලික අභිමතාර්ථ, පුද්ගලික ආශාවන් සියල්ල අත හැර රට වශයෙන් මෙතනින් ගොඩ ඒ්ම සඳහා ජාතික එකගතාවයක් ඇති කර ගැනීමට නමි මෙම වැඩපිළිවෙළ හැර වෙන විකල්ප වැඩපිළිවෙළක් නැහැ.

නිදහසින් පසු අවුරුදු 76 ක ඉතිහාසය තුළ, රට මුහුන පා තිබෙන ජාතික ඛේදවාචකය සහ ඉන් ගොඩ ඒම සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවේදී අපගේ අවධානය යොමු කෙරෙව්වා.

නිදහසින් පසු ගත වූ වසර 76 තුළ, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට අපට හැකි වී තිබෙන්නේ වසර 06ක් පමණයි.

ප්‍රධාන අර්බුදයට හේතු 02යි. දීර්ගකාළීනව රටට ඔරොත්තු නොදෙන අයවැය පරතරයක් පවත්වාගෙන යාම සහ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ පවතින හිඟය නිාසා තමයි මෙම අර්බුද ඇති වී තිබෙන්නේ.

2022 වර්ෂයේ ඍජු හා වක්‍ර බදු මඟින් ගත් මුළු ආදායම මිලියන 1,751යි. එයින් මිලියන 1,965ක් එනම් 72%ක් වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි.

බිලියන 506ක් සමෘද්ධි ඇතුළු සහනාධාර සඳහා වැය කර තිබෙනවා. එය බදු ආදායමෙන් 28%ක්. 2022 වර්ෂයේ මුළු බදු ආදායම ඒ වෙනුවෙන් වැය වී අවසන්.

රාජ්‍ය ණය පොලිය බිලියන 1,565ක්. අනෙකුත් සියලු සංවර්ධන කටයුතු ඇතුළු සියලු වියදම් දරා තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීමෙන්.

ඇති වී තිබෙන මෙම ආර්ථික අර්බුදය සඳහා දේශපාලන විසඳුම් නැහැ. පක්ෂ පාට හේ දේශපාලන න්‍යායන් මාරු කරලා උත්තර හොයන්න බැහැ. මේසඳහා තිබෙන්නේ ආර්ථික විසඳුමක් පමණයි.

එම නිසා ආචාර්යවරු මහාචාර්යවරු විද්වතුන් ඇතුළු සියළුම වගකිවයුතු පුරවැසියන් එකතු වෙලා මේ රට නැවත පසුගිය වසරේ තිබුණාක් මෙන් භයංකර තත්වයකට ඇද වැටීම වැළැක්වවීම සඳහා ප්‍රබුද්ධ සංවාදකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව කල්තැබීමේ විවාදයේ දෙවෙනි දිනය වන අද දිනයේ විවාදයට එක්වෙමිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan