ඔබේ පාසල් ක්‍රීඩා පිටියට අපෙන් ඉඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 10,(LNW)කොළඹ :

මේ දිනවල පාසල් නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලවල් විද්‍යාලවල පැවත්වෙන අපි දනිමු.සමහර විට ඉතා සුන්දර පරිසරයන් ඇතුළත කුඩා පාසල් අපූරු ක්‍රීඩා සැණකෙලි පවත්වනවා මෙන්ම,වැසීමේ තර්ජනයට සිසු – සිසුවියන් මදිකම නිසා වැසී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන පාසල් හරහා අති දක්ෂ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩක කණ්ඩායම් ද බිහිවෙමින් ඒ විද්‍යාලයේ වැදගත්කම් අධ්‍යාපන බලධාරීන්ට සහ පවතින ආණ්ඩුවලට ප්‍රායෝගික ක්‍රියාපදයකින්ම ඔප්පු කරන අවස්ථාද අපි දැක ඇත්තෙමු.


මේ කුමන ජාතියක ඉහළ පහළ තරාතිරමක් නැති පාසලක නිවාසන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රවෘත්තියක් ඔබ අප වෙත යොමු කරන්නේනම් අපි එය පළ කරන්නෙමු.එසේම පාසලේ දක්ෂ ක්‍රීඩකයින් හෝ ක්‍රීඩා කණ්ඩායම් ගැන ද ඔවුන් දිනාගන්නා සූරතා ගැන ද අපිට ඉඩක් වෙන් කර තැබිය හැකිය.
ඒ සඳහා පාසල පිහිටා තිබෙන දිස්ත්‍රික්කය මෙන්ම අධ්‍යාපන කළාපය ද නම් කර විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව අප වෙත එම ප්‍රවෘත්තිය යොමු කරන මෙන් අපි ඉල්ලා සිටිමු.එම ප්‍රවෘත්තියට සහ යොමු කරන ඡායාරූපවලට උපරිස සාධාරණය කරමින් අපි එම ප්‍රවෘත්ති පළ කිරීමට බැඳී සිටින්නෙමු.එසේම ඔබේ ප්‍රවෘත්තියට අදාළ තත්පර 60 ට අඩු වීඩියෝ දර්ශනයක් ද අපි වෙත යොමු කරන්නට කටයුතු කරන්නේනම් අපට එම වීඩියෝවද අදාළ ප්‍රවෘත්තිය සමග පළ කරන්නට හැකියාව ඇත.


ඔබගේ ක්‍රීඩා ප්‍රවෘත්තිය ඡායාරූප මෙන්ම වීඩියෝ ද (උපරිමය තත්පර 60) සමඟ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර එහි අනිවාර්යෙන් පාසලේ විදුහල්පතිතුමාගේ රාජකාරි දුරකතන අංකය හෝ ජංගම දුරකතන අංකය ද,එම දෙකම ඇත්නම් දෙකමද සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...